හදිසි අනතුරු ඇඟවීම්

rss

Buttala Army officers vist 2024-03-15 9සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම අරමුණු කරගනිමින් සියලු පාර්ශවකාර ආයතන විසින් 2024 වර්ෂය තුළ ක්‍රියාත්මක කර ඇති ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැමිබර් 17 සහ 18 යන දෙදින තුළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ගෝලීය වශයෙන් වර්ධනය කිරීමේ අරමුණෙන් ආපදා අවදානම අවම කිරීම සඳහා වු එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සෙන්දායි රාමුගත සම්මුතිය ගෝලීය ප්‍රජාව එකඟත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2015 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා වූ කාල සීමාව තුළ ඉටුකරගත යුතු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ පාර්ශවයන් සිදු කර ඇති ක්‍රියාකාරකම් පිළිබඳව සමාලෝචනය කිරීම වාර්ෂිකව සිදු කරනු ලබන බැවින් රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආපදා අවදානම් ක්‍රියාවලිය තුළ කටයුතු කරනු ලබන පාර්ශවකාර ආයතන විසින් 2024 වර්ෂය තුළ ඉටු කර ඇති කාර්යයභාරය පිළිබඳ සමාලෝචනය කිරීම මෙම වැඩ සටහටන් අරමුණ විය.

විශේෂයෙන්ම සෙන්දායි රාමුගත සම්මුතියෙහි මුඛ්‍ය ප්‍රමුඛතා 4 වන ආපදා අවදානම හදුනාගැනීම, ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා වන පරිපාලනය ව්‍යුහයන් ශක්තිමත් කිරීම, ඔරොත්තුදීමේ හැකියාව වර්ධන වන අයුරින් ආපදා අවදානම අවම කිරීම සඳහා ආයෝජනය කිරීම සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය තුළ “වඩා හොඳින් නැවත ගොඩනැංවීම” සඳහා ආපදා පෙර සූදානම වැඩිදියුණු කිරීම යන ප්‍රමුඛතා පදනම් කර ගනිමින් පාර්ශවකාර ආයතනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසු විපරමි කිරීම සිදු කරන ලදී.

එසේම ආපදා අවදානම් අවම කරගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය ප්‍රජා සංවිධාන විසින් ඉටුකර ඇති කාර්යයභාරය පිළිබඳව සහ එම ආයතන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව සිදු කරනු ලබන විවිධ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්විණි.

ආපදා අවදානම් කළමනාකරණය සඳහා නිවැරදි පියවර අනුගමනය කිරීම තුළින් සමස්ථ ආර්ථිකයට සිදු කරනු ලබන බලපෑම අවම කිරීම මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි බිඳ වැටීම් වළක්වා ගැනීමටත් රාජ්‍ය ආයතන හා සහසම්බන්ධ වෙමින් පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිචාර දැක්වීම් සඳහා පමණක් නොව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වු පරිපාලන ක්‍රියාදාමය තුළ ද ක්‍රියාකාරී ස්වරූපයකින් සහසම්බන්ධවීමේ අවශ්‍යතාව මෙන්ම එක් එක් ආයතන සතුව පවතින දත්ත හුවමාරු කරගනිමින් ආපදා අවදානම් කළමනාකරණය සඳහා මනා සංවිධිත දත්ත සමූහයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණයට ලක් කෙරිණි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානය මෙම දෙදින ප්‍රගති සමාලෝචන වැඩසටහන සඳහා සහභාගී විය.

Sendai progress review main programme  2024Sendai progress review 2024  2Sendai progress review 2024  1

Sendai progress review 2024  6Sendai progress review 2024  8Sendai progress review 2024  7

Sendai progress review 2024  9Sendai progress review 2024  10Sendai progress review 2024  5

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052