Emergency Warnings

rss

 

highwindගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 26 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/26) නිවේදනය කර ඇත.

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ. එසේම අද දින වන විට (11/26) නැගෙනහිර, උතුරු සහ  උතුරු මැද  පළාත්වලට මිලිමීටර් 200 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

හෙට දිනය තුළ (11/27) දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 60 -70  ඉක්මවු තද සුළං ඇතිවිය හැකි බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.

එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධාන යොමු කළ යුතු අතර හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අද දින නිකුත් කරන ලද නිවේදනය සඳහා www.dmc.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079