அவசர எச்சரிக்கைகள்

rss

 

Badullaප්‍රාදේශීය වශයෙන් පවතින ආපදා අවදානම හඳුනාගනිමින් එම තත්ත්වයන් අවමකිරීම සඳහා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් පළාත්පාලන ආයතන සඳහා ප්‍රාදේශීය ආපදා අවදානම් අවමකිරීමේ සැලසුම් සකස් කිරීමේ වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම හදුනාගන්නා ලදී. එසේම මෙම වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම අවම කරගැනීම සඳහා ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජල මුලාශ්‍රයක් වන බදුලු ඔය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා කරන ලදී.

එසේම මානව බලපෑම්වල හේතුවෙන් අවදානමට ලක්වී ඇති බදුලු ඔය සදහා විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් පරිසර හා වන කමිටුවේදී ද අවධාරණය කරන ලදී. එබැවින් බදුලු ඔය ආශ්‍රිතව නිර්මාණයවී ඇති ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සදහා ස්ථිර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ශවකරුවන් සමග විශේෂ සාකච්ජාවක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 06 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

 

අවදානමට ලක්වූ බදුලු ඔය පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සදහා පවතින නෛතික බලතල ක්‍රියාත්මක කළ යුතු රාජ්‍ය ආයතන හදුනා ගැනීම හා බදුලු ඔය පරිසර පද්ධතිය ආශ්‍රිතව පවතින අවදානම් තත්ත්වයන් අවමකරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් යෝජනා හදුනාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණු විය.

බදුලු ඔය පරිසර පද්ධතිය සම්බන්ධව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පර්යේෂණ වාර්තා සහ එමගින් ලබාදී ඇති නිගමන පිළිබඳව පාර්වශවකාර ආයතනය දැනුවත් කිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කටයුතු කරන ලදී. බදුලු ඔය ආශ්‍රිතව සීමා මායිම් නීර්ණය කිරීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අදහස් ලබාගන්නා ලදි. එසේම බදුලු ඔය පරිසර පද්ධතිය නිසි ආකාරයෙන් සංරක්ෂණය කිරීම තුළින් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් අවම කර ගැනීමට හැකි බවත් පාරිසරික හා ජෛව විද්‍යාත්මක ලෙස ඉතා වැදගත්කමක් බැවින් ඉතා කඩිනමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධාන යොමුකරන ලදී.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණය ඒකක විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ඇල්ල, බණ්ඩාරවෙල, හාලිඇල, සොරණාතොට, මිගහකිවුල හා කන්දකැටිය යන ප්‍රා‍දේශීය ලේකම්වරු, පළාත් පාලන ආයතන, පොලිසිය සහ පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය යන ආයතන සම්බන්ධ විය.

 

News & Events

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052