rss

Bangladesh Team Visited DMC  4බහු-උපද්‍ර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, ආපදා පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ ආපදා හේතුවෙන් ඇති විය හැකි බලපෑම් අවම කිරීම සදහා වු පරිසරයක් නිර්මාණය කිරීම සහ එවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීම සදහා පවතින ආපදා අවදානම ප්‍රමාණාත්මකව අවම කිරීම සදහා තීරණාත්මක අවශ්‍යතාවයකි.

කලාපීය රටවල ආපදා අවදානම් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතිව බංලගලාදේශ රාජතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. බංගලාදේශ ආපදා කළමනාකරණ සහ සහන අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් කම්රුල් හසන් මහතා (Mohamed Kamrul Hasan) ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය.

ආපදා පෙර සූදානම, කාර්යක්ෂම වු ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතිසාධන ක්‍රියාවලිය තුළ දී බහු පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමේ වැදගත්කම ශ්‍රී ලංකාව විසින් හදුනාගෙන ඇති බවත් ස්වභාවික හා මානව-ප්‍රේරිත ආපදා මගින් එල්ල කරනු ලබන අභියෝග ජය ගැනීම සදහා බහු පාර්ශීය හවුල්කාරිත්වයන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැනුම හුවමාරු කරගැනීම ඉතා වැදගත් බවත් ආපදා වලින් සිදු වන බලපෑම අවම කිරීම සඳහා අපගේ සාමූහික හැකියාව වැඩි දියුණු කර ගත යුතු බවත් අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා මෙහි දී අදහස් දක්වමින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ආපදා අවදානම් කළමනාකරණ දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සදහා ආසියානු ආපදා පෙරසුදානම් සහයෝගිතාව (APP) විසින් මෙම ද්විපාර්ෂික හමුව සංවිධානය කර තිබිණි.

Bangladesh Team Visited DMC  2Bangladesh Team Visited DMC  3Bangladesh Team Visited DMC  5

Bangladesh Team Visited DMC  6Bangladesh Team Visited DMC  7Bangladesh Team Visited DMC  1

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052