அவசர எச்சரிக்கைகள்

rss

Exam Ready 2025 AL 9අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත.

මෙම විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළට සමගාමීව මෙවර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති අතර විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශවකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුලත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

 Tsunami Drill 2025 0ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ ඇතිව කලාපිය වැඩසටහනක්‌ ලෙස මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්ක මුලීක කර ගනිමින් අද (05) දින සාර්ථකව පැවැත්විනි.

ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිත වන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතන වල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳව මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ විය.

 

Tsunami Jaffana Programe  1සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටන් මේ දිනවල පැවැත්වීමට ආපදසා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම ලේකම් ප්‍රධානත්වයෙන් පසුගිය 14 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

සුනාමි ඇතිවන ආකාරයත්, ඉන් ආරක්ෂිතවීම සදහා ගත යුතු පියවරයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාස පවත්වන ආකාරය සහ ප්‍රායෝගික අභ්‍යාසය සඳහා තෝරාගෙන ඇති ආයතන සහ ග්‍රාම නිළධාරී වසම් පෙරසුදානම් කළ යුතු අකාරය සහ මේ පිළිබඳව දිස්ත්‍රික් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී.ප්‍රායෝගික අභ්‍යාසය සිදු කරන ආකාරය පිළිබදව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සඳහා සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) සංවිධානය කරන තිබිණි. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව අනුකරණය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන එම ආයතනයන්හි පවතින සම්මත ක්‍රියාපටියාටයට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී. සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) තුළ සිදුවූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරව පිළිබද සමාලෝචනය කිරීමට කටයුතු කරන ලදී.

Tsunami  Colombo  1සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.

“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

 

Flood Drill Kaluthara  8මෝසම් පෙරසූදානම් වැඩසටහන යටතේ ඇතිවිය හැකි ආපදා අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිපැන්න බටහිර ග්‍රාම නිලධාරි වසම තුළ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදී.

ගංවතුර අවදානම් ලක්ෂණ හදුනාගන්නා ආකාරය, ගංවතුරු අවධානම් නිවේදන නිකුත් කළ අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග ඔස්සේ හදුනාගත් සුරක්ෂිත මාර්ග ඔස්සේ ඉවත්ව යාමේ ක්‍රියාවලිය පිලිබඳව අවබෝධයක් ලබාදීම, ගංවතුර ආපදා පෙර අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය හදුන්වාදිම සහ ආපදා තත්ත්වයකදී ජනතාව විසින් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය ලබාදීම. ගංවතුර ආපදා අවස්ථාවකදී ආරක්ෂාවට ගත හැකි පියවර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සහ ප්‍රජාව තුළ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම පෙරහුරු අභ්‍යාසය සිදු කිරීමේ අරමුණ විය.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052