හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම පිළිබඳ පාඨමාලාව හදාරන ලද ත්රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 194 දෙනෙකු සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකු සඳහා සහතික පත්ර ප්රධානය වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්ය දුමින්ද දිසානායක අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පසුගිය දා (26) සිදු කෙරිණි.
වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්යාංශයේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සංවිධානයෙන් ආපදා කළමනාකරණය ක්රියාවලිය යෙවීම් සහ මුදවා ගැනීම් ක්රියාවලිය පිළිබදව ත්රිවිද හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදාකළමනාකරණ ක්රියාවලිය හා සම්බන්ධ රාජ්ය ආයතන නිළධාරීන් පුහුණු කිරීම් සිදු කරන අතර මේ යටතේ 2017 වර්ෂයේ මාදුරු ඔය යුධ හමුදා පුහුණු පාසල, කුඩා ඔය යුධ හමුදා කදවුර සහ කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු පාසැල්වල සාර්ථක අන්දමින් පුහුණුව නිම කරන ලද නිළධාරීන් 215 දෙනෙකු සදහා සහතික පත්ර පිරීනැමීම සිදුකරන ලදී.
ආපදා කළමනාකරණ ක්රමවේදය පිළිබඳව හා ගැටඵ පිළිබඳව නවක පළාත් පාලන නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ඌව පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන නිලධාරින්ට අයත් රාජකාරී භූමිකාව ආශ්රයෙන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර ප්රදේශයේ ජනතාව මුහුණ දෙන හදිසි ආපදා සහ ඒවා කළමනාකරණය කිරීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳවත් නවක නිලධාරීන් දැනුවත් කරන ලදී.
පදා කළමණාකරණ මධ්යස්ථානයේ දිස්ත්රික් ප්රගති සමාලෝචන රැස්වීම 2018 ජුනි මස 07 දින වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමණාකරණ අමාත්යාංශ ශ්රවනාගාරයේ දී අධ්යක්ෂ ජෙනරාල්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
කුරුණෑගල මාස්පොත ප්රදේශය හරහා හමා ගිය දැඩි සුළගින් සිදු වූ නිවාස හානි පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා හා සහන සැලසීම සඳහා 2018.06.10 වන දින වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්යය දුමින්ද දිසානායක අමාත්යතුමා කුරුණෑගල වැවගෙදර සහ උඩුබද්දාව යන ප්රදේශය වල නිරීක්ෂණ චාරිකාවක නිතර විය. පසුගිය 09 වනදා අඵයම හමා ගිය මෙම දැඩි සුළඟින් මාස්පොත, උඩුබද්දාව, වාරියපොල, ගනේවත්ත, අලව්ව හා කොබෙයිගනේ ඇතුඵ ප්රදේශ රැසක පවුල් 263 කට පුද්ගලයින් 842ක් ආපදාවට ලක්ව ඇත. මේ හේතුවෙන් නිවාස 05 ක් පුර්ණ වහයෙන් හානියට ලක්වී ඇති අතර අර්ධ වශයෙන් හානි සිදුවු සංඛ්යාව 258 ක් වේ.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්රික් 20 ක පවුල් 45,680 ක 174,310 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සළකාබලන විට පස්කදු කඩාවැටීම නිසා (03), දියේගිලීම්(12), තද සුළං හේතුමවන් සිදුවු ආපදා නිසා (02), අකුණු අනතුරු (05), සහ වෙනත් (01) වශයෙන් මියගිය සංඛ්යාව 23 ක් වේ. අතුරු දහන් වූ සංඛ්යාව 02 කි
ආපදා හේතුවෙන් නිවාස 121 ක් පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 5,205 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. 2018.05.28 1200 පැයට වාර්තා වන අන්දමට පවුල් 17,796ක 70,376 දෙනෙකු ආරක්ෂිත මධ්යස්ථාන 265 ක තාවකාලිකව රඳවා ඇත. දිස්ත්රික්ක 12 ක ආපදාවෙන් පීඩාවට පත්වු ජනතාවගේ අවශ්යතා වෙනුවෙන් ජතික ආපදා සහනසේවා මධ්යස්ථානය විසින් රැපියල් මිලියන 44.15 ක් අදාල දිස්ත්රික් ලේකම්වරු වෙත ලබාදී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 2018.05.26 දින 0900 පැයට නිකුත් කරන ලද දත්තවලට අනුව දැදුරු ඔහ, කුකුලේ ගල සහ රාජාංගනය යන ජලාශ දොරටු තවමත් විවෘත කර ඇත. එසේම නිල්වලා, ගිං යන ගංගාවල ජල මට්ටම සාමන්ය මට්ටමට පත්වෙමින් පවතී. කලු, කැළණි සහ අත්තනගලු ඔය සහ මා ඔයේ ගංවතුර මට්ටම ක්රමයෙන් අඩු වී ඇත. එසේම මහවැලි ගංගාවේ ජල මට්ටම සාමාන්ය තත්වයට පත්වී ඇත.
පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, පොළව ගිලා බැසීම්, ක්රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, දුරකතන කණු, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිමත ඇති වන පැලුම් හා ඒවා ක්රමිකව වර්ධනය වන්නේනම් සහ එක්වර ජල උල්පත් මතුවේනම්, ජල මුලාශ්ර/උල්පත් වලින් බොර වතුර ගලයි නම්, පැවති ජල මාර්ගයක් නැති වී ගොස් ඇති නම් එය නාය යාම් පුර්ව කල්ෂණයක් විය හැකි බැවින් සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාව ගෙන් ඉල්ලා සිටී.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
அவசர தொடர்புகள்
117+94 112 670 002








