බම්බලපිටිය ප්‍රදේශයේ ඇතිවු ගින්න පාලනය කිරීමට පියවර
අද පස්වරුවේ (28) බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ගිණිනිවීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම ගිනිගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.
දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්වයක්.
මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
සුනාම් පිළිබද කටකථා අසත්‍යයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන්න.
ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 14 ත් නැගෙනහිර දේශාංශ අංශක 83 කලා 48 ත් අතර ප්‍රදේශයේ රික්ටර් මාපක අංක 5.4 ක භූකම්පනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී. මෙරට වේලාවෙන් පෙරවරු 2.34 ට සිදුවු මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු තත්වයක් පිළිබද අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අසල කසළ බහාලුම් ස්ථානයේ ඇති වු ගින්න පාලනය කිරීම
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලද ඇමතුමක් අනුව පසුගිය 19 වන දින කටුනායක, සිදූව නගර සභාවට අයත් අම්බලන්මුල්ල ගණ අපද්‍රව්‍ය බහාලුම් අංගනයේ ඇති වු ගින්න නිසා සිදුවිය හැකි හානිය අවම කරගනිමින් පාලනය කිරීම හැකි විය.
කොරොන වයිරස් ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම් සහ ප්‍රතිචාර සැලැස්මට ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය යි. - ලෝක සෞඛ්‍ය සංවිධානය
නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.
ගෝලීය වශයෙන් පැතිර යම්න් පවතින නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිර යාම වැළැක්වීම සඳහා; ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා පද්ධති නොමැති රටවල් ආරක්ෂා කිරීම සඳහා; සකස් කර ඇති ගෝලීය පෙර සුදානම් සහ හදිසි ප්‍රතිචාර සැලැස්ම ඉදිරි තෙමසක කාලය තුළ (පෙබරවාරී සිට අප්‍රේල් දක්වා) ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක මුදලක් වැය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත.
News & Events
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
அவசர தொடர்புகள்
117+94 112 670 002




