ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී.
මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිලවලා ගඟ කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම මෙම තත්වය නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.
දැඩි සුළගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවු හානිය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.
අද (17) දින ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 45 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.
මෙම ආපදා තත්වය නිසා ඇල්පිටිය උතුර (37), ඇල්පිටිය නැගෙනහිර (1), අටකෝට්ටේ(5) සහ ඇල්පිටිය මධ්‍යම(1), යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇත. එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 02 කට හානි සිදුවී ඇති අතර යටිතල පහසුකම්වලට ද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදි නෙදා ජන ජීවිතවලය යම් බලපෑමක් එල්ල වු අතර අදාල පාර්ෂවකාර ආයතන සහ ත්‍රිවිධ හමුදාව ජනතාව සම්බන්ධීකරණය කරගනිමින් ආපදා හානි යථා තත්වයට පත් කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කටයුතු කරන ලදී.
දිස්ත්‍රික්ක 04 කට නායයාම් අවදානම් නිවේදන තවදුරටත්
පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර බෑවුම් ප්‍රදේශ නායයාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව ජනතාව විමසිලිමත් වන්න
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවෙිදනය කර ඇත. එය හෙට දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.
News & Events
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
- 2026 වර්ෂයේ වැඩ ආරම්භය
- ජාතික සුරක්ෂිත දින වැඩසටහන - 2025
அவசர தொடர்புகள்
117+94 112 670 002




