පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.
මෙම භූ කම්පන පිලිබඳව අධ්‍යයනයන කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිළධාරීන් විසින් මේ පිළිබඳව අධ්‍යනය කර අතර එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත පැල්වත්ත හා වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම් හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 හා 21 යන දිනවල දී සිදු කරන ලදී.
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්
බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ.
කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම පෙබරවාරි 15 සහ 16 යන දිනවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසැල් සිසුන් දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. පාසල් විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබාදීම මෙන්ම ප්‍රායෝගි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනේ මුලික අරමුණ වේ.
2023 පෙබරවාරි 21 වන දින විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණිමට නොහැකි විය. එබැවින් රාජකාරි සදහා රක්ෂිතය තුළට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.
මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදා වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලඝණය (RABS) සම්බන්ධීකරණයෙන් මෙම නිළධාරීන් සහ සැකකරුවන් මුදා ගැනීම කටයුතු කරන ලදී.
The Disaster Management Centre facilitated a meeting with officials of key government organisations involved in disaster management in Sri Lanka, in order for the attaché’s and the senior officials of the Embassy of Switzerland to gain a better understanding of the current context of disaster management, foreseen events of displacements due to disasters and emergency response mechanisms.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
அவசர தொடர்புகள்
117+94 112 670 002