මුහුදු රළඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී
අද (15) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.00 සිට 2.50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ සදහන් වේ. එසේම මෙම මුහුදු සීමාව තුළ මුහුද රළුවිය හැකි නිසා මෙම මුහුදු සීමාවේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව සැළකිලිමත් වන ලෙස මෙම නිවේදනයේ තවදුටත් පෙන්වා දී ඇත.
අකුණු අනතරු වළක්වා ගැනීම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම ජනතාවගේ දැනුම ඉතා අඩු මට්ටමක පැවතීම නිසා අකුණු අනතුරුවලට ලක්වීමේ ප්‍රවනතාවක් පවතින බව ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී අනාවරණය වීම හේතුවෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳව තැටිල්ල ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් පසුගිය දා (09) කටයුතු කරන ලදී.
වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ ඇතිවු ගින්න පාලනය කිරීම
වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ (05) ඊයේ දින වෙළදසැලක ගිනි ගැනීමක් වාර්තා වු අතර මෙම ගින්න හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කීපයකට අලභ හානී සිදු වී ඇත.
කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා ගිණිනිවීමේ ඒකක යුධ හමුදාව සහ පොලීසිය මෙම ගින්න පාලනය කිරීම සදහා සම්බන්ධ විය.
කොළඹ තදාසන්න ප්‍රදේශයක පැවති මෙම ගින්න ව්‍යාප්තවීම වළක්වා ගනිමින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීම සදහා අදාල පාර්ව කාර ආයතන හැකි ඉක්මනින් සම්බන්ධීකරණය සිදු කෙරිණි.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (09) නිවේදනය කර ඇත.
සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
විශේෂයෙන් නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සදහා තරමක අවදානමක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම සහ දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් තක්සේරුවට අනුව වර්ෂා කාලයේ දී ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ගයේ අතැම් ස්ථාන අවදානම් තත්ත්වයට පත්විය හැකි බව හදුනාගෙන ඇත. ඇතිවිය හැකි අවදානම අවම කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම (08) වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකය විසින් මේ දින වල සිදු කරමින් පවතී.
News & Events
- දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




