Minister Visit EOC 2024-01-12 7පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 07 ක පවුල් 53,641 ක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් ජනතාව මුහුණ දී ඇති පිඩා අවම කිරීම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අද දින (12) සිදු කරන ලදී.

පවතින ආපදා තත්වය හේතුවෙන් සිදුවී ඇති බලපෑම් සම්බන්ධ දත්ත සහ තොරතුරු සහ පෘඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොබැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ජනතාවට අවශ්‍ය සහන සලාසාදීම සම්බන්ධයෙන් නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

 

Polonnaruwa AL exam 2023  1පසුගිය දිනවලදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල ප්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යට විය. මේ හේතුවෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට ඇති විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මගහැර විභාගයට පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලැබු ඉල්ලීම මත විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂිත විභාග මධ්‍යස්ථානයක් පො/මනම්පිටිය සිංහළ මහා විද්‍යාද්‍යාලයේ ස්ථාපිත කරන ලදී.

මෙම විභාග මධ්‍යස්ථානය තුළ සියළු විෂය ධාරා යටතේ ඕනෑම මාධ්‍යයකින් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ඒ අනුව මනම්පිටිය, දිඹුලාගල, අරලගංවිල හා වැලිකන්ද යන කොට්ටාශ වල සිට විභාගයට පෙනී සිටීම සඳහා පොළොන්නරුව නගරයේ ඇති පාසැල් වෙත පැමිණීමට නියමිත සිසුන් හට බාධාවකින් තොරව මෙම මධ්‍යස්ථානයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීම හැකි වී ඇත.

 

2024 -01-01 3ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. යු ජයසේකර මහතා ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල ක කිරීමෙන් අනතරුව සියළු නිළධාරීන් එක්ව 2024 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබ‍ා දෙන ලදී.

 

examination 3ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධා නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. මේ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (02) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.

 

ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කර 19 වන ජාතික සුරක්ෂිත දිනය සැමරේ.

Safety Day 2023  10සුනාමි ව්‍යයසන සිදු වු දෙසැමිබර් (26) “ජාතික සුරක්ෂිත දිනය” සමරා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුනු අතර පෙරවරු 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරන ලදී.ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සහ සම්පත් අතුකොරළ මැතිතුමන්ලා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052