අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතු වී ඇති බවත් ආයතන මට්ටමෙන් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කර නැති බවත් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (11/25) පෙන්වා දෙන ලදී. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අනුර ජයසේකර මහතා වැඩ භාරගැනීමේ අවස්ථාවට සහභාගීවූ ආපදා කළමනාකරණ අංශ නිළධාරීන් අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පලකරන ලදී.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ආයතන ව්‍යුහයන් ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. එසේම පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සඳහා නව විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදී.
දිවයින වට මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.
අද දිනයේ (11/25) උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි. ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද දින උදෑසන කාලයේ (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩනඅවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතී. එම පද්ධතිය අද දින (11/25)වනවිට ක්රිකුණාමටලය කී.මී. 530 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් නිවේදනය කර තිබේ. මෙම ක්‍රමයෙන් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවට නිවේදනයේ දක්වා ඇත.
මේ හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම්ස්ථානවලටමි.මී.150 ට වැඩි ඉතාතද වැසි ඇතිවිය හැකි බවත්උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවලටමි.මී.100 ට වැඩිතද වැසි ඇති විය හැකි බවත්, උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, අම්පාර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.
අද දිනයේ (11/23) නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි. ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 25 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/23) නිවේදනය කර ඇත.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්ත්වයක් පැවතිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේනදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බවටත් දිවයිනේ බොහෝ ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකිබව මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. පසුගිය වර්ෂවල ගංගාවල හැසීරීම් තත්ත්වය සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන සළකාබලා පහත ගංගා ද්‍රෝණි සඳහා ගංවතුරු අවදානම් පුර්ව නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
එළඹෙන ඊසාන දිග මෝසම් ආපදා පෙරසූදානම් හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකක වෙත ලබා දී ඇති උපදෙස් අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම් දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය වර්ෂවල දී මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමඟ දිස්ත්‍රිකය තුළ ඇති වූ ආපදා අවස්ථාවලදී පෙරසූදානම් හා හදිසි ප්‍රතිචාර කටයුතු සම්බන්ධ ප්‍රගතිය සහ මුහුණ දීමට සිදු වු ගැටළු පිළිබඳව මෙහි දී සමාලෝචනය කරන ලද අතර ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද, සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථානගත කරනු ලබන ස්ථාන,කඳවුරු කළමනාකරණ, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදී.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
அவசர தொடர்புகள்
117+94 112 670 002