ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (ජනවාරි 30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළවන දින (01) වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) දින සවස් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
එසේම උතුරු අක්ෂාංශ 04 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-45 පමණ විය හැකි අතර විටින්විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත් මෙම මුහුදු සීමාවන් තුළ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.
කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 27 දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි පාඨමාලාව තුළ එක් අධ්‍යයන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ස්වභාවික ආපදා අවදානම් කළමනාකරණ ඇතුලත් කර ඇත. එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව අධ්‍යයනය කිරීම සහ සිදුවී ඇති ආපදා අවස්ථාවක් සිද්ධී අධ්‍යනයක් වශයෙන් පාදක කරගමින් එම ආපදාව කළමනාකරණ කිරීම සදහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව විෂයානු බද්ධව අධ්‍යයනය කිරීම ඔවුන්ගේ අරමුණ වු අතර ඒ පිළිබදව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම අධ්‍යක්ෂ දැනුවත් කිරීම් විසින් සිදු කරන ලදී.
මහාරාජා කළමනාකරණ ආයතනයේ විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව හදාරණ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද අධ්‍යාපන පුහුණු වැඩසටහනකට අද (26) දින සහභාගී විය.
ආපදා අවදානම් කළමනාකරණක්‍රියාවලිය තුළ මාධ්‍ය සතු කාර්යභාරය, ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම, ආපදා අවදානම් තත්වයක දී ජනතාවට සහය වීම, පුර්ව අනතුරු ඇගවීම් සම්බන්ධ තොරතුරු සංනිවේදනය කිරීමේ දී 117 හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාවලිය සහ එමගින් ජනාවට ලබාදෙන සේවාව පිළිබව මෙම අධ්‍යාපන පුහුණු වැඩසටහනට සම්බන්ධ වූ සිසුන් දැනුවත් කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ සහයෝගය ඇතිව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා විලිම් හාට් ආයතනය එක්ව රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික මුල්‍ය වටිනාකමින් යුතු හාල්, සැමන්, ටූනා සැමන්, හතු සහ ධ්‍යාන වලින් සමන්විත වියලි ආහාර ද්‍රව්‍ය කොළඹ මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මුල්තැන්ගෙය (community kitchen) වැඩසටහන යටතේ ආහාර අවශ්‍යතාවය ඇති දිළිදු පිළියෙල කර සකස් කර දීම සඳහා කොළඹ මහනගර සභාව වෙතනිළ වශයෙන් භාරදීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අද දින (17) සිදු කරන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රජා මුල්තැන්ගෙය (community kitchen) වැඩසටහන සදහා පරිත්‍යාග කරන ලද භාණ්ඩ කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය වෙත සංකේතවත් ලෙස භාර දෙන ලදී.
ජාතික සුරක්ෂත දිනට සමගාමීව සුනාමි ව්‍යසනයෙන් පසු පයුගිය වසර 18 ක කාලය තුළ සුනාමි ආපදා අවදානම් අවම කිරීම සදහා රට තුළ පවතින පෙර සුදානම සහ පුර්ව දැනුවත් ක්‍රිරීමේ යාන්ත්‍රණය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ආමාත්‍යාංශයෙහි ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ විධිවිධාන අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා අවදානම් අවම කිරීම, ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම්, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ආපදා පුර්ව අනතුරු අගැවීම සදහා බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රමවේද ස්ථාපිත කිරීමත් ආපදා පුර්ව අනතුරු ඇගවීම් සදහා අවදානම් සහිත ප්‍රජාවට ප්‍රවේශවීමට ඇති හැකියාව වර්ධනය කිරීම සදහා කටයුතු කරනු ලැබේ.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
හදිසි ඇමතුම්
117+94 112 670 002