දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බවත් අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව තවදුරටත් එම නිවේදයේ සදහන් වේ.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී.
මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව සදහන් කර ඇත.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලබන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් අවධාරණය කර ඇත.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (ජනවාරි 30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළවන දින (01) වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගත හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.
අද දින (30) පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 60 අතර විය හැකි බවත් මුහුදු රළ මීටර් 2.00-3.00 අතර ඉහළ යාමක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වේ. එම නිසා අද (30) පස්වරු 6.00 සිට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.
එසේම දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගත හැකි බැවින් හෙට දිනයේ දී (31) සිට දිවයින වටා මුහුදු ප්‍රදේශ වල ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ද මෙම නිවේදනය මගින් ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්රිත පීඩන අවපාතය නැගෙනහිර වෙරළ තීරයට ලඟා වනු ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්රිත පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180 ක් පමණ නැගෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බවත් එය ක්‍රමයෙන් බටහිර දෙසට බරව නිරිත දෙසට ගමන් කරමින් 2023 පෙබරවාරි 01 (අද) පෙරවරුවේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය වෙතට ලඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් උතුරු අක්ෂාංශ 05 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 78 සහ 88 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-50පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැක. ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැක.
එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට පෙබරවාරි මස 02 දින දක්වා යාත්‍රා නොකරන ලෙසත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දී ඇත.
ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (ජනවාරි 30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළවන දින (01) වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) දින සවස් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
එසේම උතුරු අක්ෂාංශ 04 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-45 පමණ විය හැකි අතර විටින්විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත් මෙම මුහුදු සීමාවන් තුළ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.
News & Events
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
හදිසි ඇමතුම්
117+94 112 670 002