fishing-boaදිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත. 

 

boat en2ආපදාවට පෙර සුදානම ව්‍යාපෘතිය යටතේ ගංවතුර ආපදා බහුල ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කර ඇති සෙවීම් හා මුදවා ගැනීමේ ඒකක ශක්තිමත් කිරීමේ අරමුණින් බෝට්ටු සදහා එන්ජින් බෙදා දීම ගරු වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (27) වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආපදා නිසා සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීම සඳහා ආපදා පෙරසුදානම් කිරීමේ වැඩසටහනක් වශයෙන් ආරම්භ කරන ලද ආපදාවට පෙර සුදානම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ආපදා බහුල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම් සහ අවම කිරීම් වයාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.

 

downloadනොවැම්බර් මස 14 දින දහවල් කාලයේ සිට 16 දින දක්වා මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැ.කි.මී (80-90) දක්වා වන තද සුළං සමඟ විටින් විට හමන පැ .කි.මී 110 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තුවේ. එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
පොතුවිල් සිට මඩකලපුව හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට, එම මුහුදු ප්‍රදේශ රළු වේ.
පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිට ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස උපදෙස් දෙනු ලැබේ. බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සිටින ධිවරයින් සහ නාවුකයින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. උතුරු වෙරළට ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන වලට ගමන් කිරීම. බලපෑම ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුලට වී සිටීම. හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ගේ සහය පතන ලෙස අවශ්‍ය ඕනැම අවස්ථාවක 117 දුරකථතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත් ආපදා කළමනාකරණ මද්‍යස්ථානය දැනුම් දේ.

 

fishing-boaකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2018 නොවැම්බර් මස 20 වන දින ප.ව. 15.00 නිකුත් කරන ලද විශේෂ නිවේදනයට අනුව දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් පීඩන අවපාතයක් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට ගමන් කරන බව නිවේදනනයේ සදහන් කර ඇත. මෙම පද්ධතියේ බල පෑම හේතුවෙන් උතුරු සහ මන්නාරම බොක්ක ප්‍රදේශයේ වැසි සහ සුළං වේගයේ වැඩිවිමක් අද (20) දින සහ හෙට (21) දින වර්ධනය වේ යැයි කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

පවතින කාලගුණික තත්වය හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් ඇති මුහුදු ප්‍රදේශවල අද (20) සහ හෙට (21) දිනයේ දී ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය මද රළු ස්වභාවයේ සිට රළු විය හැකි බවත් විටින් විට එය ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් කර ඇත.

 

 

wind1මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව අද(14) දින උදෑසන 08.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 650 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.0 සහ නැගෙනහිර දේශාංශ 85.1 ආසන්නයේ ස්ථානගතව පවතින බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී බටහිරට බරව නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

නොවැම්බර් මස 15 දින සවස් කාලයේ / ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ද තවදුරටත් නිවේදනයේ සදහන් කර ඇත.
මෙම සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කවලත්, නොවැම්බර් මස 14 දින සවස් කාලයේ සිට 15 දින දක්වා දී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052