මේ දිනවල පවතින දැඩි ණුසුම් තත්වය පිළිබදව සැළකිලිමත් වන්න
මේ දිනවල රට තුළ උණුසුම් දර්ශකය (Heat Index) පිළිපදව දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයට අනුව මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක වල උෂ්ණත්වය ඉහළ අගයක් අතර අගයක් වාර්තාවිය හැකි බව සදහන් වේ.
දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සදහා ජීවිතාරක්ෂක පුහුණුවක්
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සදහා ජීවිතාරක්ෂක පුහුණුවක්
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, කොලොන්න, ගොඩකවෙල හා කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටනක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පර්ශ්‍රයේදී පවත්වන ලදී.
A Guidelines and Operations Plan to Minimize Disasters during the GCE Ordinary Level Examination Period
The GCE Ordinary Level examination in 2020 could not be held in December due to the COVID-19 epidemic in the country and is scheduled to be held from 01st to 10th March 2021, taking into account the guidelines issued by the Ministry of Health.
In collaboration with the Department of Examinations Disaster Management Center (DMC), a guideline and action plan has been prepared to minimize possible disruptions during the GCE Ordinary Level Examination this year.
තිස්සමහාරාම රාජ්‍ය ආයතන සදහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා වලින් ඇති විය හැකි බාධා අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක්
2020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින් 2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත.
ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් සකස් කර ඇත.
News & Events
- Training Programme on Mainstreaming Disaster Risk Reduction
- කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් දැනුවත් කිරීම.
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
හදිසි ඇමතුම්
117+94 112 670 002