rss

 

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.

Flood warningගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්  ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්ත්වයක් පැවතිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේනදයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බවටත්  දිවයිනේ බොහෝ ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකිබව මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ. පසුගිය වර්ෂවල ගංගාවල හැසීරීම් තත්ත්වය සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන සළකාබලා පහත ගංගා ද්‍රෝණි සඳහා ගංවතුරු අවදානම් පුර්ව නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

Bad weather bay of bengol

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, අම්පාර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.

අද දිනයේ (11/23) නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි. ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 25 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/23) නිවේදනය කර ඇත.

 

Landslide Passara Lunugala Road 2024-11-18  12බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර නායයාම නිසා මාර්ගයට වැටී ඇති සුනුබුන් ඉවත් කිරීම සිදු කරමින් පවතී. ඊට අමතරව මෙම ස්ථානයේ පවතින අවදානම පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයේ විශේෂඥ කණ්ඩායමක් අද දින ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පැවසීය. මෙම විශේෂඥ කමිටු නිර්දේශ මත ඉදිරි කටයුතු සැලසුම් කරන බවත් එතෙක් මෙම මාර්ගය වාහන ධාවන කටයුතු සිදු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදු වන බවත් ඒ මහතා දන්වා සිටින ලදී.

 

 2024-11-08 Monsoon Meeting  2එළඹෙන ඊසාන දිග මෝසම් ආපදා පෙරසූදානම් හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකක වෙත ලබා දී ඇති උපදෙස් අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම් දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය වර්ෂවල දී මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමඟ දිස්ත්‍රිකය තුළ ඇති වූ ආපදා අවස්ථාවලදී පෙරසූදානම් හා හදිසි ප්‍රතිචාර කටයුතු සම්බන්ධ ප්‍රගතිය සහ මුහුණ දීමට සිදු වු ගැටළු පිළිබඳව මෙහි දී සමාලෝචනය කරන ලද අතර ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද, සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථානගත කරනු ලබන ස්ථාන,කඳවුරු කළමනාකරණ, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදී.

Parliament Election 2024  cover jpgමහාමැතිවරණය පැවැත්වෙන කාලසීමාව ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනු ලබයි.

 

මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය 2024.11.12 දින සිට 2024.11.16 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668032/ 0113 668087/ 0113 668025/ 0113 668026 සහ 0113 668119 යන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පසුගිය දා කටයුතු කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052