ආපදා අවදානම අවම කර ගැනීම සදහා විධිමත් සම්බන්ධීකරණයක් ස්ථාපිත කිරීමත් ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමත් අරමුණු කරගනිමින් දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්කර පෙරසුදානම් හා සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වගෙන යාමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලාබ දී ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ෂවකාර ආයතන සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිව දා පැවැත්විණි.වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය කළමනාකරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මෙහි දී සොයාබලන ලදී.
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන අද දින (2021.11.30) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී ආරම්භ විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සදහා සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිළධාරීන්ගේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනකට 2021.11.26 දින සහභාගී විය.
ආපදා කළම නාකරණක්‍රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්‍රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා ආපදා පෙරසුදානම සහ ජනතාව දැනුවත් කිරීම ප්‍රමුඛ කාර්ය බවත් පෙන්වා දෙන ලදී. ඒ සදහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.
News & Events
- Training Programme on Mainstreaming Disaster Risk Reduction
- කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් දැනුවත් කිරීම.
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
හදිසි ඇමතුම්
117+94 112 670 002