තිරසාර ආපදා අවදානම් කළමනාකරණය සඳහා සියලුම පාර්ශ්වකරුවන් විසින් සම්බන්ධීකරණය කරන ලද සහ කැපවූ ප්‍රවේශයක තීරණාත්මක අවශ්‍යතාවය සහ ආපදා අවදානම් කළමනාකරණය ආංශික සංවර්ධන ක්‍රියාවලීන්ට ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීම සඳහා පවතින ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම හඳුනා ගනිමින්, අදාළ අංශවල වගකිවයුතු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක අධීක්ෂණය යටතේ අංශ-නිශ්චිත මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය, ත්‍රිවිධ හමුදා සහ පෞද්ගලික අංශයේ කටයුතු කරන නිලධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (08/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
අදියර කීපයක් යටතේ පැවැත්වුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව තුළින් ආපදා අවදානම් කළමනාකරණය ක්‍රියාවලිය, ආපදා කළමනාකරණය පිළිබද නෛතික සහ ආයතනික රාමුව, ආපදා පෙරසුදානම් සැළසුම්කරණය, ආයතනික ආපදා කළමනාකරණ සැළසුම් සකස් කිරීම, ආපදා පුර්ව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිවදව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ස්විස්ටර්ලන්ත රජයේ ආධාර සහ තාක්ෂණික උපදේශකත්වය මත එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ(OCHA) අනුමැතිය ලත් සෙවිම් හා මුදවා ගැනිම් පුහුණු වැඩසටහනට(INSARAG) අනුකූලව මෙරට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2024 වර්ෂයේදී ආරම්භ කරන ලදී.
මෙම පුහුණු වැඩසටහනට සමගාමීව අධි තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සහ සෙවීම් මුදවාගැනීම් යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 11.2 ක පමණ වටිනාකමින් යුත් සෙවීම් සහ මුදාගැනීමේ කැමරා කට්ටල (FL360LR USAR) දෙකක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග කිරීමට ස්විස්ටර්ලන්ත සංවර්ධන හා සහයෝගීතා ආයතනය(SDC) විසින් කටයුතු කරන ලදී.
ආපදා අවදානම් කළමනාකරණය සඳහා සංඛ්‍යාත්මක හා අවකාශීය දත්ත භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් 2025 අගෝස්තු මස 20 සහ 21 දිනවලදී ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.රාජ්‍ය අංශ නියෝජිතයින් සහ 21 පුද්ගලික අංශ නියෝජිතයින් සඳහා පැවැත්වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ආපදා අවදානම් අවමකිරීමේ ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තීයවේදීන්ගේ තාක්ෂණික හැකියාව වැඩිදියුණු කිරීමයි.
කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තිරසර සහයෝගීතාව තුළින් ජාතික පෙරසූදානම් හවුල්කාරිත්වයන්ගේ අනාගතය දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කරන ලද ආසියානු පෙරසූදානම් සහයෝගිතාවයේ කලාපීය සමුළුව කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පසු ගිය දා පැවැත්විනි.
දේශගුණික විපර්යාස සිදු කරනු ලබන බලපෑම සහ ඊට ඔරොත්තුදීමේ වැදගත්කම අවධාරණය කරමින්, දුෂ්කරතා විඳදරාගන්නා ප්‍රජා අත්දැකීම් පෙන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝග පිළිබඳව මෙම ප්‍රතිපත්තිමය සාකච්ඡාවට සහභාගී වෙමින් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමන්ද්‍ර මහතා අවධාරණය කරන ලදී. ආපදා පෙරසූදානම සහ ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලිය තුළ ප්‍රජා-මූලික ප්‍රවේශ සවිබලගැන්වීම, ප්‍රාදේශීය නායකත්වය සහ දේශීය දැනුම ඒකාබද්ධ කිරීම සඳහා පෙනී සිටීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙහිදී අවධාරණය කරන ලදී.
එසේම වඩාත් ප්‍රත්‍යස්ථ සමාජයක් ගොඩනැගීම සඳහා ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව, කලාපීය දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම සහ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගවල වැදගත්කම ආමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
ජාතික ආරක්‍ෂාව සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ දේශගුණික ඔරොත්තුදීමේ තීරණාත්මක කාර්යභාරය, ස්වාභාවික හේතුන් මත හා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපද්‍රව ආර්ථික ස්ථාවරත්වයට සහ සංවර්ධනයට බරපතල අභියෝග එල්ල කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
News & Events
- දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
හදිසි ඇමතුම්
117+94 112 670 002




