දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය අද (08) දින නිවේදනය කර ඇත.
මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සමකයත් උතුරු අක්ෂාංශ 04 ත් නැගෙනහිර දේශාංශ 85 – 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ක්ෂණිකව පැයට කිලෝමීයර් 70 ක් 80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන මැයි මස 06 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී 26 වන දින පවත්වන ලදි.
නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආපදා හදිසි ප්‍රතිචාර දැක්විම සදහා අවශ්‍ය සම්පත් පිළිබද හා පවතින අඩුපාඩු අවම කරගනිමින් අපදා තත්වයක දී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කරන ලදී.
අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.
නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි ජල ගැලීම්, තද සුළං, අකුණු, ගස් පෙරලීම්, අතු කඩාවැටීම්, වසංගත රෝග පැතිර යාම ආදී ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම පිළිබදවත් ජලය බැස යෑමේ කාණු පද්ධති පවිත්‍ර කිරීම හා කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේද භාවිතය පිළිබඳවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.
Tsunami is one of the natural hazards that result in the inundation and/or erosion of coastal land and affect the safety and security of communities, the economies and relevant supporting ecosystems. The Tsunami that devastated Sri Lanka in December 2004 is widely acknowledged as the most extensive and devastating natural catastrophe in the history of the country.
News & Events
- කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් දැනුවත් කිරීම.
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
- Sustainable National Anticipatory Action through Preparedness (SNAP) South Asia - National Planning Meeting, Sri Lanka
හදිසි ඇමතුම්
117+94 112 670 002