හදිසි අනතුරු ඇඟවීම්

rss

Monaragala   Awareness on earthquake 2023-02-21 2

පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.

මෙම භූ කම්පන පිලිබඳව අධ්‍යයනයන කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිළධාරීන් විසින් මේ පිළිබඳව අධ්‍යනය කර අතර එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත පැල්වත්ත හා වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම් හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 හා 21 යන දිනවල දී සිදු කරන ලදී.

 බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

EarthQuake 2බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ.

 

 

Awareness Programme for Colombo International School 17කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම පෙබරවාරි 15 සහ 16 යන දිනවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසැල් සිසුන් දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. පාසල් විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබාදීම මෙන්ම ප්‍රායෝගි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනේ මුලික අරමුණ වේ.

Monaragala Resque 92023 පෙබරවාරි 21 වන දින විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණිමට නොහැකි විය. එබැවින් රාජකාරි සදහා රක්ෂිතය තුළට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.

මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදා වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලඝණය (RABS) සම්බන්ධීකරණයෙන් මෙම නිළධාරීන් සහ සැකකරුවන් මුදා ගැනීම කටයුතු කරන ලදී.

Monaragala Resque 4  

Deputy Head of Mission of the Embassy of Switzerland and Senior Officials 34The Disaster Management Centre facilitated a meeting with officials of key government organisations involved in disaster management in Sri Lanka, in order for the attaché’s and the senior officials of the Embassy of Switzerland to gain a better understanding of the current context of disaster management, foreseen events of displacements due to disasters and emergency response mechanisms.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052