UNFP  2025-03-28 at 09.01 1එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත ආචාර්ය දයාන් රණතුංග, මානුෂිය සංවර්ධන විශේෂඥ ආචාර්ය රායි බුනනවෙන්තුරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිත කණ්ඩායමක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.

ආපදා කළමනාකරණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකාර ආයතනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරනු ලබන අතර ඉදිරි වසර තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ විය.

ඉදිරි වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛතාවයට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත් කම පිළිබඳව අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවධානය ලක් කළ අතර අදාළ කාල රාමුව අනුව සැලසුම් කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

DSC 3998 599x400බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ 13 වන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාවට පළමුව ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත් වු අතර හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය සහ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ සාකච්චාමය සංවාදයක් සිදු කෙරිනි.

කාවන්තිස්ස රජ සමයේ ඇති වු මුහුද ගොඩගැලීම් ව්‍යසනයේ දී ද අප විශ්වාශ මත පදනම් කරගනිමින් කටයුත කර ඇති බවත් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ දී ගත යුතු පියවර පිළබඳ අනුගමනය කරනු ලබන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබදව අප දැනුවත් වී නොසිටි බවත් පෙන්වා දෙන ලදී. එම තත්ත්වය සුනාමි ආපදා හානි සම්බන්ධව සළකා බැලීමේ දී ද මෙම තත්ත්වය මැනවින් අධ්‍යයනය කළ හැකි බවත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සම්පත් කොඩුවේගොඩ මහත පෙන්වා දෙන ලදී.

Ordinary Level Exam 2024  1

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර ද සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දි පසුගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළවිභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

Flood Mitigation 2025 Colombo  2කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම වෙනුවෙන් ප්‍රාදේශීය මටිටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (3/20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

මාර්තු මස 11 වන දින පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සදහා වු වැඩපිළිවෙළක් සකස් කිරීමේ මුලික අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ආපදා අවදානම හදුනාගැනීම, පුර්ව අනතුරු ඇගවීම් පද්ධති සහ අවදානම තක්සේරු කිරීම සහ ඒ අනුව ආපදාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් යටිතල පහසුකම් සහ නාගරීකරණ සැලසුම් ප්‍රවර්ධනය කිරීම අධි ජනගනත්වයක් සහිත නාගරික ප්‍රදේශව වල මහජනතාවට සහ යටිතල පහසුකම් සහ පරිසරයට ආපදාවලින් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ඉතා වැදගත් බව මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්වරයා පැවසීය.

DG Assume Duties 2025 1ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික)එන්ඩීසී අයිජී මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අද දින (03/08) වැඩ භාර ගැනීම සිදු කරන ලදී.

ආගමික වතාවත් අනුව අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම අවස්ථාවට සහභාගී වු නිළධාරීන් අමතමින් ආපදා හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ආපදා අවම කිරීම, පෙර සූදානම් කටයුතු සිදුකිරීම, මහජන දැනුවත් කිරීම්, අවදානමට ලක්ව ඇති ජනතාව වෙත පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, හදිසි අවස්ථා මෙහෙයුම් කටයුතු සහ අනිකුත් ප්‍රධාන ආයතන හා එක්ව සහන සහ පශ්චාත් ව්‍යසන කටයුතු සම්බන්ධීකරණය කිරීම තම වගකීම බව පෙන්වා දෙන ලදී. තවද, මෙම වගකීම් ඉටු කිරීම සඳහා මෙම තනතුරට තමා තෝරාගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමාටත්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් සිය ස්තුතිය පිරිණමන ලදී.

ආයතනයේ සේවය කරනු ලබන සියලුම නිළධාරීන්ගේ දැනුම, අත්දැකීම් සහ දශක තුනක රාජකාරී කාලය තුළ විවිධ භූමිකා දරමින් තමා ලබාගත් දැනුම සහ අත්දැකීම් ද නව තනතුරේ වගකීම් ඉටු කිරීමට උපයෝගී කරගැනීමට තමා බලාපොරොත්තු වන බවත්, කණ්ඩායමක් වශයෙන් එකමුතුව සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අපගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා, බොහෝවිට තිරය පිටුපස සිටින සැමගේ කැපවීම, විශේෂඥභාවය සහ එහි නිලධාරීන්ගේ වෘත්තීයභාවය අනිවාර්යය සාධකයක් වන බව තරයේ විශ්වාස කරන බවත්, එම හැකියාවන් තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කරන ලදී.

දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිමත් නිළධාරියෙකු වන මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා උපාය මාර්ගික නායකත්වය, අර්බුද කළමනාකරණය සහ ජාතික ආරක්ෂක විශේෂඥතාව යන ක්ෂේත්‍ර යටතේ සුවිශේෂ දැනුම් සම්බාරයක් හිමි නිළධාරියෙකු වන අතර, 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට බැඳී පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සම්බන්ධ වූ මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා වසර 36කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි වෘත්තීය ජීවිතය තුළ බලසේනාධිපති, අණදෙන නිලධාරි, සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා හමුදාවේ ස්වේච්ඡා හමුදාවේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර ඇත.

කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, බංග්ලාදේශය, පිලිපීනය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක යුධ හමුදා සහ ආපදා ප්‍රතිචාර පිළිබඳව විදේශ පුහුණු ලබා ඇත.

DG Assume Duties 2025 5DG Assume Duties 2025 3DG Assume Duties 2025 4

DG Assume Duties 2025 6DG Assume Duties 2025 7DSC 3424 599x400

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052