Tsunami is one of the natural hazards that result in the inundation and/or erosion of coastal land and affect the safety and security of communities, the economies and relevant supporting ecosystems. The Tsunami that devastated Sri Lanka in December 2004 is widely acknowledged as the most extensive and devastating natural catastrophe in the history of the country.
නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රිකයේ දැඩි ආපදා අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම සහ නිරිත දිග මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම පසුගිය දා සිදු කරන ලදී. මෙහි දී ප්‍රජා සහභාගිත්වය ඇතිව ග්‍රාමීය ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුවට අදාලව අනුකමිටු පිහිටුවීම, එම එක් එක් කමිටු සාමාජිකයින්ට අයත් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම තුළින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සවිමත් කිරීම හා හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබදවත් රැස්ව සිටි ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් ජනතාව ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
ඒ අනුව පසුගිය වර්ෂයේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා ආපදා හානි වාර්තා වු කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නාය යෑම් හා ගංවතුර ආපදාවට ලක් වු ග්‍රාම නිළධාරි වසම්වල දැඩි අවදානම් ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව හදිසි ආපදා තත්වයක දී පීඩාවඩපත් පිරිස් සදහා ප්‍රථමාධාර ලාබා දීමේ දී අනුගමන කළ යුතු ප්‍රථමාධාර විධි පිළිබඳ පුහුණු හා දැනුවත් කිරිම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විවිධ ආපදා තත්ත්වයන් මත පිඩාවට පත් වී ඇති බව පසුගිය වර්ෂයේ වාර්තා පරිශීලනය කිරිමෙන් නිරික්ෂණය වේ. එම නිසා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිම මෙන්ම විය හැකි ආපදා තත්වයන් කළමනාකරණයේ දී වතු පාලනාධිකාරියේ කාර්යභාරය හා ආපදා අවස්ථාවල දී ජනතාව සුරක්ෂිත කිරිමේ ක්‍රමවේද පිළිබඳව වතු අධිකාරීවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී.
නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- දිවයින පුරා වැසිබර කාලගුණික තත්වයක්, ගිනකොණදිග ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු සදහා රතු නිවේදන
- මහනුවර මහියංගනය මාර්ගයේ දහඅට වංගුවෙහි දෙවන වංගුව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා ඇත.
- භූමිකම්පා හා සුනාමි ආපදා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම
Call Center
117+94 112 670 002