க.பொ.த.சாதாரண தர பரீட்சைக் காலத்தில் அனர்த்தங்களினால் ஏற்படக்கூடிய இடையூறுகளைத் தடுப்பதற்காக அனர்த்த முகாமைத்துவ நிலையம் மற்றும் பரீட்சைத் திணைக்களம் இணைந்து வேலைத்திட்டமொன்றினை நடைமுறைப்படுத்துகின்றன. இதன்படி அனர்த்தங்களைக் குறைப்பதற்கு அனர்த்த முகரமைத்துவ நிலையம் மற்றும் பரீட்சைகள் திணைக்களம் இணைந்து அனர்த்த முன்னெச்சரிக்கைத் திட்டங்களை தயாரித்துள்ளன.
ஏதாவது அனர்த்தங்கள் மூலம் பரீட்சைக்குத் தோற்றுவதில் சிரமங்கள் ஏற்பட்டால் அனர்த்த முகாமைத்துவ நிலைய அவசர அழைப்பு இலக்கம் 117 அல்லது 1911 இல் பரீட்சைகள் திணைக்களத்தினால் நிறுவப்பட்ட ஒருங்கிணைப்பு அலுவலகத்திற்கு அழைப்பதன் மூலம் தீர்வினைப் பெற்றுக்கொள்ள முடியும்.
ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වීම හේතුවෙන්, කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එසේම මුහුදු රළු වන අතරම මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5 ත් අතර ඉහළ යා හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
එබැවින් ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම මුහුදු කලාප වල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන මැයි මස 06 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
දිවයිනට ගිණිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය අද (08) දින නිවේදනය කර ඇත.
මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සමකයත් උතුරු අක්ෂාංශ 04 ත් නැගෙනහිර දේශාංශ 85 – 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ක්ෂණිකව පැයට කිලෝමීයර් 70 ක් 80 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.
නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි ජල ගැලීම්, තද සුළං, අකුණු, ගස් පෙරලීම්, අතු කඩාවැටීම්, වසංගත රෝග පැතිර යාම ආදී ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම පිළිබදවත් ජලය බැස යෑමේ කාණු පද්ධති පවිත්‍ර කිරීම හා කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේද භාවිතය පිළිබඳවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.
News & Events
- අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- දිවයින පුරා වැසිබර කාලගුණික තත්වයක්, ගිනකොණදිග ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු සදහා රතු නිවේදන
- මහනුවර මහියංගනය මාර්ගයේ දහඅට වංගුවෙහි දෙවන වංගුව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා ඇත.
Call Center
117+94 112 670 002