ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව වර්ඩ් විෂන් ආයතනයේ මුල්‍ය දායකත්වය සහිතව ක්‍රියාත්මක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහන යටතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේධීන් දැනුවත් කිරීම පසුගිය දා දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රමවේද සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ දී හා ප්රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව සහ තාක්ෂණික ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු විය.
නායයාම් අධි අවදානම් දිස්ත්‍රික්ත වශයෙන් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ආශ්‍රිතව නායයාම් අවදානම් අවම කරගැනීම වෙනුවෙන් මහජන වගකීම පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 22 දින රත්නපුර කේතුමතී හෝටල් ශ්‍රවනාගාරය
කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 23 දින කෑගල්ල ස්ලීක් හෝටල් ශ්‍රවනාගාරය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද පස් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය ක්‍රියාත්මක කරනු ලැබිණි. මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන සැප්තැම්බර් මස 19-24 දක්වා දක්වා කොළඹ විශ්වවිද්‍යාලීය භූගෝලවිද්‍යා අධ්‍යනාංශයේ දී පැවැත් වේ.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ මෙන්ම ආපදා අවදානම් අවම කිරීම සදහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට අතිශයින්ම වැදගත් ක්‍රම ශිල්පයක් වන භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම ප්‍රායෝගික පුහුණු සැසි මෙම පුහුණු වැඩ සටහනට ඇතුලත් වේ. භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) ක්‍රමශිල්ප, මුලික සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්ප, දත්ත විශ්ලේෂණය, භූගෝලීය පිහිටීම නීර්ණ ක්‍රමශිල්ප (GPS), දුරස්ථ ග්රාහක පද්ධති දත්ත විශ්ලේෂණය සහ ඊට අදාල මෘදුකාංග භාවිතය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් මෙම පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළබද සාකච්ඡා කිරීම සැප්තැම්බර් මස 13 වන දින ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී.
නව්‍යත්වයෙන් යුතු නිර්මානාත්මක සැලසුම් සහිතව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වැඩි වශයෙන් ලබා ගෙන රටේ ආපදා කළමාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා පැවසීය.
ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව තංගල්ල මුලික රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් තංගල්ල රෝහල් පරිශ්‍රයේ දී සැප්තැම්බර් මස 13 වන දින පැවැත් විණි.
ගිනි ගැනීමක දී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පවතින අනවබෝධය, අනුගමනය කරනු ලබන වැරදි ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රායෝගිකව ආපදා අවස්ථාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මනා වැටහීමක් නොමැතිවීම හේතුවෙන් සිදුවිය හැකි හානිය විශාල වේ. මේ නිසා හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සංවිධනය කරන ලද මෙම වැඩසටහන මගින් ගිනි ආපදාව අවදානම අවම කර ගැනීම සදහා ආපදාවට පෙර, ආපදා අවස්ථාවේ දී සහ ආපදාවකින් පසු අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම හා ගිනි ආපදාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබදවවිධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන ලදී.
ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් පසුගිය 8 සහ 9 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
News & Events
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
Call Center
117+94 112 670 002