ඒ අනුව සියලුම රාජ්‍ය ආයතවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු අතර කාර්යාල ආරම්භයේ දී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය අය අනුස්මරණය කරන ලෙස රජය දන්වා සිටියි.
සියලුම ශ්‍රී ලාංකිකයන්ට මේ සඳහා එක්වන ලෙසත් රජය ඉල්ලා සිටියි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමටත් හැකියාවක් පවතින බවත් අප්‍රේල් මස 27 දින සිට මැයි මස 03 දින දක්වා මෙහි බලපෑම නිසා අයහපත් කාලගුණික තත්වයක් නිර්මාණය වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ පිළිබදව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද දින (26) රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍ය ගරු රජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ආපදා කළමනාකරණ අමත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
අප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ව්‍යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
2019 අප්‍රේල් 21 දින දිවයිනේ ස්ථාන කීපයක සිදුවු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රජය විසින් අද (23) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර 23 දින උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් පවත්වා ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත් කිරීමට කටයුතු කරන උපදෙස් ලබාදී තිබිණි.
සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2න් පසු වැසි සමග ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 70-80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.
අකුණු සහ ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
2019 අප්‍රේල් මස 21වැනි දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ශොකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
Call Center
117+94 112 670 002