IOwave 2023-Drill 1සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවලධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් ඔක්තෝබර් 04 දින පැවැත්වු අරත කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව“ සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” ඔක්තොබර් 04 දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්විනි.

 

Commiunity Medicine Dr Training Programme 2023-09-22  2වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හදිසි මෙහෙයුම් අංශ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් 22 පැවැත්විනි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා පෙරසුදානම, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබඳව සිද්ධාන්තික කරුනු සාකච්ඡා කළ අතර හදිසි අවස්ථා කළමනාකරණයේ දී සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබන ආකාරය සහ පුර්ව අනතුරු නිවේදන ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාවට සංනිවේදනය කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රම ශිල්ප පිළිබද පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

NDMP 2023 18

 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතට අනුව ආපදා කළමනාකරණ ජාතික සැලස්ම සකස් කළ යුතු අතර 2023-2030 කාලසීමාව පදනම් කරගනිමින් ගෝලීය ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව, දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය සහ තිරසාර සංවර්ධන ඉලක්ක යන ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල ප්‍රධාන මූලධර්ම අනුගමනය කරමින් තිරසාර සංවර්ධනය සහ අවදානම් කළමනාකරණ ඉලක්ක ලඟාකර ගැනීම අරමුණු කරගනිමින් ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. සකස් කරන ලද ජාතික ආපදා කළමනාකරණ සැලැස්මෙහි කෙටුම්පත පිළිබඳව දැනුවත් කිරීමේ පාර්ශවකාර ආයතනවල අදහස් විමසීමේ වැසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා ඒක්සත් ජනපද නියෝජිතායතනයේ(USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු, ලෝක ආහාර වැඩසටහනෙහි(WFP)නේවාසික අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සිද්ධික් සහ ජනාධිපති ලේකම්කාර්යාලීය උපදේශක  ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි යන මහත්මයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේ දී අද (07) දින පැවැත් විය.

 

 

පවතින ආපදා අවදානම් අවම කිරීම සහ නව ආපදා අවදානම නිර්මාණයවීම වැළැක්වීම සදහා ආපදා අවදානම් අවමකිරීම සදහා වන සෙන්දායි රාමුව තුළ පෙන්වාදී ඇති ගෝලීය ප්‍රමුඛතා පදනම් කරගනිමින් සකස් කර ඇති ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් විවිධ අවදින්හිදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ පැවරී ඇති නිශ්චිත වගකීම් පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් සඳහා මඟ පෙන්වීම සපයන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුණ පෑමට සිදුවන ප්‍රතිවිපාක කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම තත්වයන් කළමනාකරණ කර ගැනීම සඳහා ආපදා හානි අවම කිරීම, පෙර සූදානම, හදිසි මෙහෙයුම් සහ පශ්චාත් ආපදා ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන අදියරවල අරමුණුගත සියලුම ක්‍රියාකාරකම් සඳහා පාර්ශවකාර ආයතනවලට ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම තුළින් මගපෙන්වනු ලබයි.

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ දී ජාතික සහ පළාත් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ සිවිල් සංවිධාන යන ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ සියළු පාර්ශවකාර ආයතන ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීම සඳහා දායකත්වය දක්වන ලදී.

NDMP 2023 20NDMP 2023 33NDMP 2023 59

NDMP 2023 30NDMP 2023 41NDMP 2023 39

NDMP 2023 48NDMP 2023 72NDMP 2023 22

NDMP 2023 49NDMP 2023 57NDMP 2023 59

 

DSC 8348

 ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාවෙහි (USFS) තාක්ෂණික දායකත්වය සහිතව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මුල්‍ය දායකත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සිද්ධි විධාන පද්ධති (Incident Command System-ICS)පිළිබද එක්දින වැඩමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු මහතාගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී 14 දින පැවැත්විණි.

IOwave 2023 Stakeholder Awareness meting 01 14සුනාමි ආපදාවක දී ජනතාවගේ ජීවිත සුරක්ෂික කිරීම වෙනුවෙන් ඉන්දියානු සාගර කලාපයේ රටවල් ඒකාබද්ධව ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය විසින් (Indian Ocean Tsunami Warning System.(IOTWS) සංවිධානය කරනු ලබන වාර්ෂික ඉන්දියානු සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන එළබෙන ඔත්කෝබර් මස පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම කලාපීය පෙරහුරු වැඩසටහනට සම්බන්ධ වන කලාපීය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහනට පැවැත්වෙන ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සුදන්ත රණසිජහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ දී අද දින (28) පැවැත් විය.

සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරීක්ෂාකිරීම, ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරායාම සඳහා ගතවන කාලය පිළිබඳ ඇඟැයීමට ලක්කිරීම, පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනාගැනීම, සංනිවේදන පද්ධතිවල පවතින අඩුපාඩු, අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම, සුනාම් ආපදාවක දී ඉන්දීය සාගර කලාපීය රටක් වශයෙන් අප රටෙහි ඇති පුර්ව සුදානම පරීක්ෂා කිරීම, ආපදාවකදී ප්‍රතිචාර දැක්වීම සහඳා මහජනතාව හුරුකරවීම, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පාර්ශවකාර ආයතන ධාරිතාව පරීක්ෂා කිරීම මෙම ඒකාබද්ධ පෙරහුරු වැඩසටහන තුළින් පරීක්ෂා කෙරේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079