දිවයින පුරා වැසිබර කාලගුණික තත්වයක්, ගිනකොණදිග ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු සදහා රතු නිවේදන
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කළාපය අද දින (09) පීඩන අවපාතයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් එබැවින් උතුරු අක්ෂාංශ 02 – 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශවල නාවික සහ බහුදින ධීවර කයුතු සදහා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
මාර්ගයට ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය දහඅට වංගුවෙහි දෙවන වංගුව (උඩුදුම්බර) පුදේශයෙන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා ඇත.
මෙම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිතා කිරීමටත් හදිසි ඇමතුම් අංත 117 ඇමතීමෙන් මේ පිලිබද විස්තර දැනගැනීමට කටයුතු කරන මෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික සමාජ විද්‍යායතනයේ උපාධි හදාරණ උපාධි අපේක්ෂකයින් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම මාර්තු 07 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ මෙම දැනුවත් කිරීම සංවිධානය කරන ලදී.
විශ්වවිද්‍යාල ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීම, පර්යේෂණ අවස්ථා ලබාදීම හා සිදු කරනු ලබන පර්යේෂණ සදහා අවශ්‍ය තොරතුරු ලබාදීම, පුස්තකාල පහසුකම් සැලසීම මෙන්ම තෝරාගත් අංශ ඔස්සේ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම තුළින් ආපදා කළමනාකරණ ක්ෂේත්රය තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වන විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලබයි.
පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බව නිරීක්ෂණය වේ.
භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බවත් ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු බවත් එබැවින් ජ්‍යෙතිශය වශයෙන් සිදු කරනු ලබන කරුනු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවත් දන්වා ඇත.
ආපදා අවස්ථාවකදී, ආපදාවට පෙර මෙන්ම ආපදාවට පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අපගේ අවධානය එල්ල විය යුතු කරුණු බොහොමයක් පවති. ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ නිවේදන ලබාදීම, අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ පාසැල් සිසුන් ඇතුලුව අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවන් දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම තර කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
Call Center
117+94 112 670 002