දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික උණුසුම් කාලගුණ තත්වයක්.
බස්නාහිර, නැගෙනහිර, වයඹ, සබරගමුව, උතුරුමැද සහ දකුණ යන පළාත් සහ මන්නාරම , වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස රැසකට හානි
අද දින පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 1083 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.
“සුනාමියට පෙරහුරුවක් ” උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්විය.
අම්පාර. මුලතිව්, යාපනය දිස්ත්‍රික්ක තුන පාදක කර ගනිමින් සුනාමි ආපදාවන් හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වන පාසල් කිහිපයක් තෝරා ගනිමින් පාසල් සුනාමි පෙරහුරු වැඩසටහනක් පසුගිය දා පවත්වන ලදි.
මෙහිදි අම්පාර දිස්ත්‍රික්කයේ අල් මහීරා විද්‍යාලයේ ගුරු - සිසුන් 1,500 ක් පමණ හදිසි ඉවත් කිරිමක් සිදුකිරිමද, මුලතිව් දිස්ත්‍රික්කයේ කල්ලපාඩු විද්‍යාලයේ ගුරු - සිසු 800 ක් ආර්. සී. දෙමල මහාවිද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් සිදුකිරිම සහ යාපනය දිස්ත්‍රික්කයේ ශාන්ත මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ ගුරු - සිසුන් 2,000 ක් පමණ වඩමවාරච්චි හින්දු විද්‍යාලයට හදිසි ඉවත් කිරිමක් ද සිදුකරන ලදි. තෝරාගත් මෙම පාසල්වලට අමතරව වෙරළබඩ ආසන්නයේ තවත් පාසල් පහකා ගුරුවරුන් සහ සිසුන් කණ්ඩායම් ද සහභාගි කර ගන්නා ලදි.
කැලෑ ගිණි පාලනය කිරීමට ප්‍රතිචාර දැක්වීමට වැඩපිළිවළක්
පවතින වියලි කාලගුණික තත්වය හමුවේ කැලෑගිණි ගැනීම් පාලනය කරීම, හදිසි ප්‍රතිචාර දැක්වීම, පෙරසුදානම සහ තාක්ෂණික ආයතනවල අදහස් ලබාගැනීම සදහා වු සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී ඊයේ දින (10) පැවැත්විනි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව පවතින වියලි කාලගුණ තත්වය හමුවේ මේ වර්ෂයේ මාර්තු මාසය වන විට වාර්තා වී ඇති කැලෑ ගිණි ගණන 51 කි. එසේම පිළිවලින් 2016 වර්ෂයේ 118 ක් 2017 වර්ෂයේ දී 70ක් සහ 2018 වර්ෂයේ දී 156 ක් 2019 වර්ෂයේ දී 171 ක් කැලැ ගිණි ගැනීම් සිද්ධි වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව වාර්තා වී ඇත. 2020 වර්කැෂයේ දී කැලෑ ගිණි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 196 ක් විනාශ වී ඇත. එසේම 2016 වර්ෂයේ දී 2,887 ක් ද 2017 වර්ෂයේ දී 479 ක් ද 2018 වර්ෂයේ දී 1,184 ක් ද 2019 වර්ෂයේ දී හෙක්ටයාර 1,068 ක භූමි ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත මගින් අනාවරණය වේ.
ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලිය
පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියේ අවසන් අදියරයේ තරඟ ඊයේ (09) දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
Call Center
117+94 112 670 002