සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම්වල දීභාවිතා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ආධාර.
නිරිත දිග මෝසම් වර්ෂාව නිසාඇති විය හැකි ආපදාවල බලපෑමට ලක්වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කීරීමට කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ මෙවර සිදු වී ඇත. එහෙයින් ආපදාවට ලක්විය හැකි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා සහයෝගය ලබාදීමේ වැදගත් කම පිළිබඳව පාර්වශකාර ආයතන වල අවධානය යොමු කරවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම් සදහා භාවිතා කිරීමට අවශ්‍ය ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 30 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේනියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එපෙන්දි (Faiza Effendi) මහත්මිය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා වෙත පසුගිය දා භාර දෙන ලදී.
නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතී.
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කලාපයේ පවතින වැසි තත්වය තදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (29) නිවේදනය කර ඇත.
බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතුම් ස්ථාන වල වැමි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බවත් විශේෂයෙන්ම කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම අද දින සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේඉදිරියේ මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ආපදාවලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමසහ ගංවතුර අවදානම් නිවාස හදුනා ගැනීමට කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැළසුම් කරන ලදී. ඒ සදහා අවශ්‍ය දැනුවත් කිරීමේ ස්ටිකර් හා අත්පත්‍රිකා මුද්‍රණය කර නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ආපදා ඇති විය හැති දිස්ත්‍රික්ක වෙත බෙදා දීමට කටයුතු කරන ලදී.
මෙම වැඩ සටහන යටතේ රත්තපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා පීඩාවට පත්වන ජනතාව දැනුවත් කිරීම සහ අධි අවදානම් නිවාස සළකුණු කිරීම සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් අද දින (28)සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන වල ප්‍රධානීන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී ඊයේ දීන (27) පැවැත් විණි.
ආපදා කළමානාකරණ මධ්‍යස්ථායේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ් 19 අරමුදලට
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමාත්‍යාශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දීන (27) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අදාල චෙක් පත කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත ලබා දෙන ලදී.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
Call Center
117+94 112 670 002