“සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය”පිළිබද ජ්‍යාතන්තර සම්මනන්‍රණය ආපදා කළමනාකරනණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොෂි අයි චියාගෝ මෙනවිය ගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වත් සහභාගීත්වයක් සහිතව මීට සමගාමීව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ “සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය” තේමා කරගනිමින් විද්වත් කථිකාවතක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විනි.
ආපදා සහන ලබා දෙන බවට වංචනික ක්‍රියාවලට නොරැවටෙන මෙන් මහජනතාව වෙත කරනු ලබන දැනුම්දීම
නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරී මහතකු වශයෙන් 2021.08.10 දින පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානු වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.
අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැත.
උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරන ලදී.
වැඩි විස්තර සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සදහා පිවිසෙන්
නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේහි කඳු සහිත දැඩි බැවුම් ප්‍රදේශයක ගංරාගේල්ල ගම පිහිටා ඇත. මෙම ගම්මානයට ඉහළ කඳු සහිත ප්‍රදේශයේ භූමිය අස්ථාවර විමෙන් නිරන්තරයෙන් නායයෑම් හා ගල් පෙරලිම් ආපදා හේතුවෙන් නිවාස, දේපළ හා ජිවිත හානි වාර්තා විය. පැවති නායයාම් ආපදා අවදානම් තත්වය අවම කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ සෘජු මැදිහත්වීම යටතේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් නායයාම් ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියක් 2021 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිපාදන මත ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි. ගංගරාගොල්ල නායයාම් අවම කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 21.6 වැය වන අතර අද දින (10) වනජිවී හා වන සම්පත් ගරු අමාත්‍ය සි.බි.රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.
අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක්
උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කර ඇත.
වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජනතාව මේ පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද ව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.
වැඩි විස්තර සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සදහා පිවිසෙන්න
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
- බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීම.
Call Center
117+94 112 670 002