දිස්ත්‍රික්ක කීපයකට නායයෑම් අනතුරු පුර්ව ඇගවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහඑ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.
Introduction Training Programme of MOBILISE Platform
The MOBILISE project (www.mobilise-project.org.uk) has been working with DMC over the last two years to establish the foundation for developing a digital platform that can support multi-agency collaboration and decision making in disaster risk management in Sri Lanka.
අකුණු අනතරු වළක්වා ගැනීම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.
අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම ජනතාවගේ දැනුම ඉතා අඩු මට්ටමක පැවතීම නිසා අකුණු අනතුරුවලට ලක්වීමේ ප්‍රවනතාවක් පවතින බව ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී අනාවරණය වීම හේතුවෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳව තැටිල්ල ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් පසුගිය දා (09) කටයුතු කරන ලදී.
මුහුදු රළඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී
අද (15) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.00 සිට 2.50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ සදහන් වේ. එසේම මෙම මුහුදු සීමාව තුළ මුහුද රළුවිය හැකි නිසා මෙම මුහුදු සීමාවේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව සැළකිලිමත් වන ලෙස මෙම නිවේදනයේ තවදුටත් පෙන්වා දී ඇත.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (09) නිවේදනය කර ඇත.
සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
විශේෂයෙන් නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සදහා තරමක අවදානමක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
Call Center
117+94 112 670 002