අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.
නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි ජල ගැලීම්, තද සුළං, අකුණු, ගස් පෙරලීම්, අතු කඩාවැටීම්, වසංගත රෝග පැතිර යාම ආදී ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම පිළිබදවත් ජලය බැස යෑමේ කාණු පද්ධති පවිත්‍ර කිරීම හා කසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේද භාවිතය පිළිබඳවත් ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.
අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවදානම කළමනාකරණ කිරීම සඳහා වු ආපදා පෙරසුදානම් සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම අරමුණු කර ගනිමින් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්විම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී 26 වන දින පවත්වන ලදි.
නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් දිස්ත්‍රික්කය තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආපදා හදිසි ප්‍රතිචාර දැක්විම සදහා අවශ්‍ය සම්පත් පිළිබද හා පවතින අඩුපාඩු අවම කරගනිමින් අපදා තත්වයක දී ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද අවධානය යොමු කරන ලදී.
නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රිකයේ දැඩි ආපදා අවදානම් සහිත ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම සහ නිරිත දිග මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව ජනතාව දැනුවත් කිරීම පසුගිය දා සිදු කරන ලදී. මෙහි දී ප්‍රජා සහභාගිත්වය ඇතිව ග්‍රාමීය ආපදා පෙරසුදානම් සැලසුම් සකස් කිරීම, ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුවට අදාලව අනුකමිටු පිහිටුවීම, එම එක් එක් කමිටු සාමාජිකයින්ට අයත් කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම තුළින් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සවිමත් කිරීම හා හදිසි අවස්ථාවක දී ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමේ ක්‍රමවේදය පිළිබදවත් රැස්ව සිටි ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
Tsunami is one of the natural hazards that result in the inundation and/or erosion of coastal land and affect the safety and security of communities, the economies and relevant supporting ecosystems. The Tsunami that devastated Sri Lanka in December 2004 is widely acknowledged as the most extensive and devastating natural catastrophe in the history of the country.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විවිධ ආපදා තත්ත්වයන් මත පිඩාවට පත් වී ඇති බව පසුගිය වර්ෂයේ වාර්තා පරිශීලනය කිරිමෙන් නිරික්ෂණය වේ. එම නිසා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිම මෙන්ම විය හැකි ආපදා තත්වයන් කළමනාකරණයේ දී වතු පාලනාධිකාරියේ කාර්යභාරය හා ආපදා අවස්ථාවල දී ජනතාව සුරක්ෂිත කිරිමේ ක්‍රමවේද පිළිබඳව වතු අධිකාරීවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
Call Center
117+94 112 670 002




