AMPARA VISIT 2022 - 01-22 6

අම්පාර දිස්ත්‍රක්කය විවිධ වූ ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්කයක් මෙන්ම ඊසානදිග මෝසමට ලක්වන දිස්ත්‍රික්කයක් බැවින්ද දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම කළ අතර ඊට සමගාමීව ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා පුහුණු කරන ලද ආපදා කළමනාකරණ ස්වේච්ඡා සේවකයින් 200 කට ආසන්න ප්‍රමාණයකට සහතිකපත් ප්‍රදානයද අද දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා මගින් සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින්  අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ ප්‍රනාමය පුදකරමින්  අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙත සමරු තිළිනයක් ද ප්‍රදානය කරන ලදී.

AMPARA VISIT 2022 - 01-22 5  AMPARA VISIT 2022 - 01-22 3  AMPARA VISIT 2022 - 01-22 7

AMPARA VISIT 2022 - 01-22 14  AMPARA VISIT 2022 - 01-22 11  AMPARA VISIT 2022 - 01-22 13  AMPARA VISIT 2022 - 01-22 15

 

WhatsApp Image 2022-01-22 at 1.35.01 PMඅම්පාර දිස්ත්‍රික්කය විවිධ වූ ආපදාවන්ට ලක්ව දිස්ත්‍රික්කයක් වීමත්, විශේෂයෙන් ඊසානදිග මෝසම් ක්‍රියාත්මක වීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වන දිස්ත්‍රික්කයක් වන බැවිනුත් මඩකලපු දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින පෙර සූදානම සහ එහි පවතින අඩුපාඩු සොයාබැලීමටත් එම අඩුපාඩු නිවැරදිකර මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේපළ හා ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා අදාල නිලධාරීන් සමඟ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදුවිය.

මීට සමගාමීව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් අවම කිරීටමේ ව්‍යාපෘති නිරික්ෂණය කිරීම  මීට සමගාමීව සිදු කරන ලදී.

    

 

2022 January 01st 4ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2022 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කරන ලදී. අනතරුව සියළු නිළධාරීන් එක්ව 2022 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමට කටයුතු කරන ලදී. 

Sec. visite 2022 4රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2022 වර්ෂයේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් ඇමතීම එම පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

කෝවිඩ් 19 වසංගතය ලොව පුරා ව්‍යාප්තවෙමින් පැවති 2021 වර්ෂයේ මහත් දුෂ්කරතා මධ්‍යයේ උව ද තම ජීවිත අවදානම පවා නොතකා මෙම අමාත්‍යාංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් කැපවීමෙන් කටයුතු කරමින් මහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම කැපවීමෙන් කටයුතු කර තිබෙන බවත් ඒ සදහා ලේකම්තුමාගේ ප්‍රණාමය පුද කරන බවත් මෙම අවස්ථාවේ දී පැවසීය.

 

How to download APADA Apps

APADA app

This application developed for online disaster incidents reporting in Sri Lanka by Disaster Management Center (DMC).

User instructions for Download “Apada Mobile App”

  1. For Android Users;

Go to the “Play Store” and type “apada” and find the apada mobile app as shown in the image,


Click on “Install” button to begin installation.

How to download DEWN Disaster Early Warning Network

DEWN

User instructions for Download “DEWN Mobile App”

  1. For Android Users;

Go to the “Play Store” and type “DEWN” and find the DEWN mobile app as shown in the image,

Click on “Install” button to begin installation.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079