ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ දෙවන වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.
නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුරු ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාව නිසා ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක වල ආපදා පෙර සුදානම් හා සැලසුම් සකස් කිරීම මෙන් මහජනතාව දැනුවත් කිරීම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුනු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවස්ථාවක දී ඊට මුහුණදීම සඳහා දිස්ත්‍රික්කය තුළ පවතින තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා එම උපකරණ නිරන්තරයෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතිර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් පසුගිය දා පැවැත් විනි.
අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් “සුරක්ෂිත පාසලක් තුළින් සුරක්ෂිත ප්‍රජාවක්” තේමාව යටතේ පාසල් හා ප්‍රජාව සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය අනුගත කිරීමේ ජාතික වැඩසටහන පළාත් මට්ටමින් ක්‍රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යභට බලකාය ද ඇතුළුව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන පිළිබදව මධ්‍යම පළාත් නිළධාරීන් දැනුවත් කිරීම සහ දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම මාර්තු මස 16 දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් විනි.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002