පුත්තලම ගගේවාඩිය නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණු මධ්‍යස්ථානයෙහි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ පුහුණුව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (21) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
සමාරම්භක අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය සහ වගකීම පිළිබදව අදහස් දක්වන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ දෙවන වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා අවස්ථාවක දී ඊට මුහුණදීම සඳහා දිස්ත්‍රික්කය තුළ පවතින තාක්ෂණික උපකරණවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම හා එම උපකරණ නිරන්තරයෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කලුතිර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් පසුගිය දා පැවැත් විනි.
නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුරු ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාව නිසා ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක වල ආපදා පෙර සුදානම් හා සැලසුම් සකස් කිරීම මෙන් මහජනතාව දැනුවත් කිරීම අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුනු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
Call Center
117+94 112 670 002