ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන අද දින (2021.11.30) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී ආරම්භ විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සදහා සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිළධාරීන්ගේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනකට 2021.11.26 දින සහභාගී විය.
ආපදා කළම නාකරණක්‍රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්‍රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා ආපදා පෙරසුදානම සහ ජනතාව දැනුවත් කිරීම ප්‍රමුඛ කාර්ය බවත් පෙන්වා දෙන ලදී. ඒ සදහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.
ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
දිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (23) නිවේදනය කරයි.
වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
News & Events
- කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ උපාධි හදාරනු ලබන උපාධී අපේක්ෂකයින් දැනුවත් කිරීම.
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
- Sustainable National Anticipatory Action through Preparedness (SNAP) South Asia - National Planning Meeting, Sri Lanka
Call Center
117+94 112 670 002