පවතින ආපදා අවදානම් කාරීතත්වය ක්‍රමයෙන් පහව ගිය ද ආපදා අවදානම් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් තවදුරටත් ස්ථාන ගතකර තිබෙන බවත් ඩෙංගු රෝගී තත්වය ක්‍රමයෙන් පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් ඔබගේ නිවස අවට මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙම්න් පැවසීය.
එසේම පසුගිය දින කීපය තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ආපදා තත්වය නිසා දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක පවුල් 5,357 කට අයත් පුද්ගලයින් 22,338 ක් බල පෑමට ලක් වී ඇති බවත් නිවාස 174 කට අර්ධ හානි සිදු වී ඇති බවත් කණ්ඩි කඩාවැඩීම් 130 ක් සහ ඉවුරු කඩාවැටීම් 38 ක් සහ අවාසනාවන්ත ලෙස එක් මරණයක් වාර්තා වී ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
Disaster Management Centre (DMC) in partnership with A-PAD and HSBC coordinated and channeled vital and essential medicines to the ministry of Health to overcome the severe shortage in pharmaceuticals.
The aid was prioritized in order to bridge the gaps of the cardiovascular diseases, Oncology, Anesthesia, Osteoporosis and Bone Density related issues of public sector hospitals. The Ministry of Health will administer careful and responsible distribution of the purchased medicines to hospitals on a priority basis and the DMC vouches accountability of the state towards this initiative.
අද (30) දින සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ ම්‍යධම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එහෙයින් නායයාම් අවදානම් කළාපවල ජිවත් වන ජනතාව මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවත් නායයාම් අවදානම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් ඒ පිළිබද අදාල ආයතන දැනුවත් කිරීමටත් එම ස්ථාන වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.
ඊයේ දින (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, විභාග මධ්‍යස්ථාන රාජකාරී වල යෙදෙන නිළධාරීන් හට මුහුණ පෑමට සිදු වු දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.
වර්තමානයේ රට තුළ වැඩිවෙමින් පවතින ආපදා අවදානම් තත්වයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභියෝගය ජයගැනීම සඳහාත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහාත් නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුද්න්ත රණසිංහ මහතා නිරතුරුව උපදෙස් සහ මගපෙන්වීම් සිදු කරනු ලැබේ.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
Call Center
117+94 112 670 002