අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින පෙර සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් අවදානම් තත්වයන්ට මුහුණ දෙන ධීවර ප්‍රජාවගේ ගැටලු පිළිබද සොයා බැලීම සිදු කෙරුනු අතර ආපදා අවදානම් පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම පිළිබද සොයා බැලීම සිදු කෙරිණි. එසේම අක්කරෙයිපත්තු රෝහල කේන්ද්‍ර කරගනිමින් රෝහල් පෙරසුදානම් වැඩසටහනකට ද අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහභාගී විය.
මෙම අවස්ථාවට අම්පාද දිස්ත්‍රික් අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද එක් විය.
අම්පාර දිස්ත්‍රක්කය විවිධ වූ ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්කයක් මෙන්ම ඊසානදිග මෝසමට ලක්වන දිස්ත්‍රික්කයක් බැවින්ද දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම කළ අතර ඊට සමගාමීව ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා පුහුණු කරන ලද ආපදා කළමනාකරණ ස්වේච්ඡා සේවකයින් 200 කට ආසන්න ප්‍රමාණයකට සහතිකපත් ප්‍රදානයද අද දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා මගින් සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ ප්‍රනාමය පුදකරමින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙත සමරු තිළිනයක් ද ප්‍රදානය කරන ලදී.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2022 වර්ෂයේ රාජකාරී ආරම්භය සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් ඇමතීම එම පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
කෝවිඩ් 19 වසංගතය ලොව පුරා ව්‍යාප්තවෙමින් පැවති 2021 වර්ෂයේ මහත් දුෂ්කරතා මධ්‍යයේ උව ද තම ජීවිත අවදානම පවා නොතකා මෙම අමාත්‍යාංශයේ ආයතනික ප්‍රධානීන් ඇතුලු නිළධාරීන් කැපවීමෙන් කටයුතු කරමින් මහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම කැපවීමෙන් කටයුතු කර තිබෙන බවත් ඒ සදහා ලේකම්තුමාගේ ප්‍රණාමය පුද කරන බවත් මෙම අවස්ථාවේ දී පැවසීය.
අම්පාර දිස්ත්‍රික්කය විවිධ වූ ආපදාවන්ට ලක්ව දිස්ත්‍රික්කයක් වීමත්, විශේෂයෙන් ඊසානදිග මෝසම් ක්‍රියාත්මක වීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වන දිස්ත්‍රික්කයක් වන බැවිනුත් මඩකලපු දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින පෙර සූදානම සහ එහි පවතින අඩුපාඩු සොයාබැලීමටත් එම අඩුපාඩු නිවැරදිකර මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේපළ හා ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා අදාල නිලධාරීන් සමඟ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදුවිය.
මීට සමගාමීව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් අවම කිරීටමේ ව්‍යාපෘති නිරික්ෂණය කිරීම මීට සමගාමීව සිදු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2022 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කරන ලදී. අනතරුව සියළු නිළධාරීන් එක්ව 2022 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමට කටයුතු කරන ලදී.
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
Call Center
117+94 112 670 002