සුනාමි ආපදා තත්වයක දී ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දිවයිනේ වෙරළ කලාපය ආවරණය වන පරිදි සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ස්ථාපිත කර ඇත.අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මෙම කුළුණුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ක්‍රියාකාරීත්වය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම පිළිබදව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ මෙහෙයවීම යටතේ කටුකුරුන්ද - ශාන්ත පිලිප් දේවස්ථානයේ දී පසුගිය දා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රි ලංකා යුධ, නාවික හමුදා පොලිස්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණුවල ක්‍රියාකාරීත්වය පිළිබද ස්ථානීයව පරීක්ෂා කිරීම පිළිබදව සහ කුළුණු නඩත්තු කටයුතු පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
නැගෙනහිර පළාත තුළ ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක පාලම්පාරු අනතරු අවම කරගනිමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා වන ආරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාච්ඡා කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය අද (25) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී හමු විය.
අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාච්ඡා කළ අතර ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් භාවිත කිරීම සදහා ආරක්ෂිත කබා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමි වෙත ලබා දීම සිදු කෙරිණි.
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක භාර සහකාර අධ්යක්ෂවරු වශයෙන් අනුයුක් වූ ශ්‍රී ලංකා යුධ, ගුවන් හමුදා නිළධාරීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුලුව අද දින (25) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.
ආපදා කළමනාකරණ නෛතික පසුබිම සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව මෙන්ම ආයතනික මෙහෙයුම් පටිපාටි පිළිබදව නිළධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.
Under the guidance and advice of Major General Sudantha Ransinghe (Retd.), Director General of the Disaster Management Centre (DMC), a two day residential consultative workshop was held on 17th & 18th of February 2022 at Hotel Laya Leisure – Kukuleganga, to develop a suitable framework and appropriate humanitarian standards, for safety centers in Sri Lanka.
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
Call Center
117+94 112 670 002