මුලතිවු ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ අංක 34 ආපදා කළමණාකරණ හා පළමු මූලික පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් 30කින් සමන්විත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සුදුසකම් ලැබීමේ පාඨමාලවේ 27 වන බදවා ගැනීමට අයත් නාවික නිළධාරීන් 38 දෙනෙකු සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් ඔක්තෝම්බර් 24 හා 25 දිනයන්හි ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්‍රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
ගංවතුර සහ නායයාම් ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් කලාපීය බහු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය (RIMES) සමග එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය ගංවතුර සහ නායයාම් ආපදා බහුල දිස්ත්‍රික්ක වන කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් 29 ක ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ආපදා අවදානම හඳුනාගැනීම, ආපදාවකට මුහුණදීමට සඳහා වන පෙර සූදානම්වීම, ආපදා පුර්ව දැනුම්දීමේ ක්‍රමවේද සහ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ආපදා පූර්ව දැනුවත් කිරීම් තොරතුරු සන්නිවේදනය කිරීම, ස්ථාපිත කර ඇති පූර්ව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රමවේද සහ ජීවත්වන ප්‍රදේශයේ උවදුරු සිතියම් නිර්මාණය කිරීම තුළින් තමන් ජීවත් වන ප්‍රදේශය තුළ පවතින අවදානම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ග්‍රාමීය මට්ටම දක්වා සංනිවේදනය කිරීමේ දී අනුගමන කරනු ලබන ක්‍රමවේද හා එම ක්‍රමවේදවල පවතින ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.
පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජලාශ වාන්දොරටු විවෘතකරනු ලබන බැවින් ජනතාව ඒ පිළිබධව සැළකිලිමත්ව කටයුතු කළ යුතු වේ.
විශේෂයෙන්ම පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 11,050 බැගින් ජලය නිකුත් කෙරේ.එබැවින් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් විය යුතු වන අතර දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. යාන්ඔය ජලාශයේ වාන් දොරටු 02 ක් සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් සුලු වශයෙන් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඍට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්යේ වාරි ජලාශ 10 ක් පමණ පිරී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහාන් කරයි.
ආපදා අවදානම් අවමකිරීමේ සදහා වු ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙන්වෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යත්‍යන්තර දිනය ලෙස නම්කර ඇත. සාමුහිකත්වය තුළින් පමණත් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි වන තේමාව යටතේ සෑම වසරකම ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.
"සුරක්ෂිත අනාගතයකට අසමානතා දුරලමු"“සුරක්ෂිත අනාගතයකට තරුණ ජවය”යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ තරුණ සේවා සභාවේ පාඨමාලා හදාරණ කොළඹ දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සහ ආපදා කළමනාකරණය සඳහා ආසියා පැසිෆික් සහයෝගීතාවයේ අනුග්‍රහයෙන් ආපදා කළමනාකරණ අංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.
News & Events
- කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002