ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ ඇතිව කලාපිය වැඩසටහනක් ලෙස මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්ක මුලීක කර ගනිමින් අද (05) දින සාර්ථකව පැවැත්විනි.
ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිත වන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතන වල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳව මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ විය.
සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.
“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
මෝසම් පෙරසූදානම් වැඩසටහන යටතේ ඇතිවිය හැකි ආපදා අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිපැන්න බටහිර ග්‍රාම නිලධාරි වසම තුළ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලදී.
ගංවතුර අවදානම් ලක්ෂණ හදුනාගන්නා ආකාරය, ගංවතුරු අවධානම් නිවේදන නිකුත් කළ අවස්ථාවකදි කටයුතු කළ යුතු ආකාරය, ආරක්ෂිත මාර්ග ඔස්සේ හදුනාගත් සුරක්ෂිත මාර්ග ඔස්සේ ඉවත්ව යාමේ ක්‍රියාවලිය පිලිබඳව අවබෝධයක් ලබාදීම, ගංවතුර ආපදා පෙර අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය හදුන්වාදිම සහ ආපදා තත්ත්වයකදී ජනතාව විසින් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය ලබාදීම. ගංවතුර ආපදා අවස්ථාවකදී ආරක්ෂාවට ගත හැකි පියවර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සහ ප්‍රජාව තුළ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම පෙරහුරු අභ්‍යාසය සිදු කිරීමේ අරමුණ විය.
ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව යාපනය දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටන් මේ දිනවල පැවැත්වීමට ආපදසා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන් සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම ලේකම් ප්‍රධානත්වයෙන් පසුගිය 14 වන දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
සුනාමි ඇතිවන ආකාරයත්, ඉන් ආරක්ෂිතවීම සදහා ගත යුතු පියවරයන් පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාස පවත්වන ආකාරය සහ ප්‍රායෝගික අභ්‍යාසය සඳහා තෝරාගෙන ඇති ආයතන සහ ග්‍රාම නිළධාරී වසම් පෙරසුදානම් කළ යුතු අකාරය සහ මේ පිළිබඳව දිස්ත්‍රික් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදී.ප්‍රායෝගික අභ්‍යාසය සිදු කරන ආකාරය පිළිබදව රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම සඳහා සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) සංවිධානය කරන තිබිණි. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව අනුකරණය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන එම ආයතනයන්හි පවතින සම්මත ක්‍රියාපටියාටයට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී. සිද්ධි විධාන අභ්‍යාසය (Table Top Exercise) තුළ සිදුවූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරව පිළිබද සමාලෝචනය කිරීමට කටයුතු කරන ලදී.

හදිසි ආපදා අවස්ථාවක දී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් හදුනාගැනිම හා තහවුරු කිරීම, ඉදිරි මෝසම් කාලයේදී සහන කටයුතු සඳහා ප්‍රතිචාර දැක්විමට රාජ්‍ය සේවකයින් සජීවීකරණය කිරීම, සහන කටයුතු වල අඩුපාඩු හදුනාගැනීම හා ඒවා නිවරදි කරගැනීම, සහන කටයුතු වල යෙදෙන සේවකයින්ගේ ධාරිතා වර්ධනය කිරීම, ආපදා අවදානම සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවගේ අවධානය යොමුකර කිරීම සහ හදිසි ආපදාවකදි ප්‍රතිචාර දැක්විමට ජනතාව හුරුකිරීමේ අරමුණින් අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බනධීකරණය ඒකකය විසින් සංවිධානය කරන ලද නායයෑම් පෙරහුරු වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නායායාම් අවදානම් කලාපය තුළ පිහිටි ගනේගොඩ ග්‍රාමනිලධාරි කොට්ඨාශය තුළ පසුගිය දා පැවැත්විනි.
තෝරාගන්න ලද දින තුළ රත්නපුර දිස්ත්‍රික්කයට අධික වැසි ලැබිය හැකි බවත් ඒ අනුව නායයෑම් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව උපකල්පනය කරමින් සිදුකරනු ලැබූ සිද්ධි අධ්‍යයනයක් මගින් මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුවීම සුදුසු බව තහවුරු කර දැනුම්දීම, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන වලට අනුව කටයුතු කරන ආකාරය මෙන්ම රතු නිවේදන අනුව ක්ෂණිකව හදුනාගත් ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙතයෑම, පූර්ව අනතුරු ඇඟවීම් නිසි පරිදි ලැබීම් හා දුර්වලතා හදුනා ගැනීම, මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම හා අත්දැකීම් හුවමාරුකර ගැනීම, කඳවුරු පවත්වා ගෙන යෑම, සහන කටයුතු ක්‍රියාත්ම කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හා සහන සේවා කටයුතු දියත් කිරීම හා ක්ෂණික අවශ්‍යතා තක්සේරුව සිදුකර වාර්තා කිරීම. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටි හදිසි ආපදා ප්‍රතිචාර මැදිරි පිහිටුවා සියලු කටයුතු මෙහෙයවීම සම්බන්ධීකරණය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළ ක්‍රියාත්මක කරන ලදී.
News & Events
- දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
அவசர தொடர்புகள்
117+94 112 670 002




