Inductive training 2022 3ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක භාර සහකාර අධ්‍යක්ෂවරු වශයෙන් අනුයුක් වූ ශ්‍රී ලංකා යුධ, ගුවන් හමුදා නිළධාරීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුලුව අද දින (25) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

ආපදා කළමනාකරණ නෛතික පසුබිම සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව මෙන්ම ආයතනික මෙහෙයුම් පටිපාටි පිළිබදව නිළධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

 Inductive training 2022 5  Inductive training 2022 4

 

Kalutha first Aid programme 24-02-22 6කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.

Air force Training 1ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් පුහුණු මධ්‍යස්ථානයේ ‍ ආපදා කළමනාකරණය සහ ප්‍රතිචාර දැක්වීම පිළිබද මුලික පුහුණු පාඨමාලාව හදාරණු ලබන ශ්‍රී ලංනා යුධ, ගුවන් සහ නාවික හමුදා, පොලිස් වි‍ශේෂ කාර්යබලකා නිළධාරීන් සහ සෙසු නිළයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2022.02.24 දින සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහනට ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා අවදානම පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙම පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

 Air force Training 3  Air force Training 4

   

Residential consultative workshop on Developing a Humanitarian Standards 2022 1

Under the guidance and advice of Major General Sudantha Ransinghe (Retd.), Director General of the Disaster Management Centre (DMC), a two day residential consultative workshop was held on 17th & 18th of February 2022 at Hotel Laya Leisure – Kukuleganga, to develop a suitable framework and appropriate humanitarian standards, for safety centers in Sri Lanka.

Doctors Training Programme  1

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව ආපදා අවදානම් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා හදාරණ වෛද්‍යවරුන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.02.15 දින පැවැත්විණි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052