වසරක පුහුණුව අවසානයේ ගොවිජන සේවා, ප්‍රාදේශීය වාරි, වනජීවි, සුළු අපනයන භෝග ප්‍රවර්ධන ආදී ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ක්ෂේත්‍ර වල රාජකාරී ඉටු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති රාජ්‍ය සේවයේ තනතුරු සදහා බදවා ගත් බදුල්ල දිස්ත්‍රික්කයේ නවක උපාධිධාරීන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කෙරිනි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් හට ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බදුල් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
හදිසි ආපදාවක බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දීප ව්‍යාප්ත මට්ටමින් මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේ ද අනුගමනය කිරීම පිළිබදව මහජනතාව, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු සහ සමන්තුරේ නගර ආශ්‍රිතව පසුගිය දා සංවිධානය කරන ලදී.
ආපදාවකට ගොදුරු වු ජනතාව මුදවාගැනීම සදහා වන හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හදිසි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරමින් පවතී. රත්නපුර දිස්ත්‍රික්කය වාර්ෂිකව ගංවරතුර හා නායයාම් යන ආපදාවලට ගොදුරු වන දිස්ත්‍රික්කයක් වන අතර නිරිත මෝසම් ක්‍රියාත්මකවීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වේ. දැඩි ආපදා අවදානමක් සහිත දිස්ත්‍රික්කයක් වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ සදහා දිස්ත්‍රික් හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් මීරිගම මා ඔය වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.
නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේ දී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ රාජකාරි කටයුතු සිදු කරන 141 සේනාංකයට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගී විය.
News & Events
- ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම පිළිබද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් දැනුවත් කිරීම.
- කලුතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම කළමනාකරණය කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය පියවර ගැනේ.
- DMC helped the Education Department to shift vulnerable examination centers to safer location in Puttlam District.
- க.பொ.த.சாதாரண தர பரீட்சைக் காலத்தில் அனர்த்தங்களினால் ஏற்படக்கூடிய இடையூறுகளைத் தடுப்பதற்கான வேலைத்திட்டம்.
- ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
அவசர தொடர்புகள்
117+94 112 670 002