ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිගේ සහ රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් පරිදි සහ රජයේ සෘජු මැදිහත්වීමෙන්, විදේශ අමාත්‍යතුමාගේ සහ ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ මියන්මාරය වෙත ලබාදීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විවිධ පාර්ශවකාර ආයතන සම්න්ධීකරණයෙන් එක්රැස් කරන ලද මානුෂීය ආධාර තොග සහිත අඩි 20 කන්ටේනර් බහාලුම් 10ක් සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ ජාතික මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍යාධාර ඇතුලත් තාපය පාලනය කරන ලද අඩි 20 කන්ටේනර් බහාලුම් 02 ක් සහිත ආධාර තොග මියන්මාරය වෙත පිටත් කර යැවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත භාරදීම භාරදීම අද දින (18/04) සිදු කරන ලදී.
පසුගියදා ඇති වූ දරුණු භූමිකම්පාවෙන් සැලකිය යුතු දේපල හානි සහ පුද්ගල අවතැන්වීම් වාර්තා වූ මියන්මාරයේ සිදු කෙරෙමින් පවතින ආපදා සහන සේවා මෙහෙයුම් වෙනුවෙන් අනුයුක්ත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂිත මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම සිය අඛණ්ඩ සහාය තවදුරටක් දක්වමින් කටයුතු කරයි.
පසුගිය සතියේ මියන්මාරය වෙත ළඟා වූ ඔවුන්, භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කලාපවලින් එකක් වන Nay Pyi Taw පළාතට වහාම පිටත් කර හරින ලදී. පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) දින ඔවුන් තවදුරටත් Pobba Thiri නගරයේ මෙහෙයුම් සඳහා යොදවන ලද අතර, එහිදී ඔවුන් මෙම සහන මෙහෙයුමේ කොටසක් වශයෙන් ආරම්භ කල ජංගම වෛද්‍ය සායන කටයුතුවල නියැලෙමින් සිටී.
ශ්‍රී ලංකා සහන කණ්ඩායම පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙමින්, අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපිත මධ්‍යස්ථානවල නවාතැන් ගෙන සිටින කාන්තාවන්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරයි. එරට වාණිජ අමාත්‍යාංශය, Lat Lok Toun Pagoda සහ Mashikhana Monastery හි පිහිටුවා ඇති සහන සේවා මධ්‍යස්ථානය මීට ඇතුළත් වේ.
පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින්හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට පසුගිය මාර්තු 31 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේදී තිරණය කරන ලදී.
ඒ අනුව පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිල මහතාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්විය.
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉතා කෙටි කාලයක් තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු පාර්ශවකාර ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මියන්මාරය වෙත පිටත් කරන ලද හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිළධාරී කණ්ඩායම අප්‍රේල් 05 වන දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ඇතුල් වී ඇත.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, යැංගොන් කලාපීය ප්‍රධාන අමාත්‍ය U Soe Thein මැතිතුමා ඇතුලු පිරිසක් විසින් ශ්‍රී ලාංකික සහන සේවා කණ්ඩායම ගුවන් තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී ඔවුන් පිළිගෙන ඇත.
මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කර ඇති අතර, ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය ඔස්සේ දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍ර සබඳතාවන් යළිත් අවධාරණය කර ඇත.
පළමු අන්තර් මෝසම් කාලසීමාව වන මාර්තු සිට අප්‍රේල් දක්වා කාලසීමාට තුළ අපට අකුණු අනතුරු බහුලව වාර්තාවන කාලසීමාවක් වන බැවින් අප අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කළ යුතු වන අතර මේ දිනවල බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල අකුණු අනතුරුවලින් සිදුවිය හැකි හානි වළක්වාගැනීම සඳහා පහත දක්වා ඇති ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන එම දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර ඇත. විශේෂයෙන්ම මේ දිනවල කුඹුරු අස්වැන්න නෙලන කාලසීමාව බැවින් කුඹුරුවල, එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වැළකී සිටිය යුතුය. එසේම වැසි සහිත අවස්ථාවල දී රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටිය යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙන් දක්වා ඇත.
අකුණු ගැසීම ස්වාභාවික සංසිද්ධියක් නිමා ඇතිවිය හැකි අනතුරු සම්පුර්ණයෙන්ම වැලැක්විය නොහැක. එසේ වුවත් සිදුවන අනතරු බොහොමයක් මගහරවා ගත හැකිය. ඔබ ජීවත් වන ප්‍රදේශයේ අහසෙහි අකුණු ඇතිවන කැටි වළාකුළු දුටුවහොත් අනතුරු මගහැර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර අකුණු අනතුරකට ලක් වූ පුද්ගලයෙකු හට ප්‍රථමාධාර ලබාදීම සිදු කළ යුතු අතර අනතුරට භාජනය වූ තැනැත්තා හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීම ජීවිතය බේරාගැනීම සඳහා ඉතා වැදගත් වේ.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002