හදිසි අනතුරු ඇඟවීම්

rss

 දෙසැම්බර් 11 වන (අද) දින සිට පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටිනමෙන් දැනුම්දීම්ක්.....

fishingනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීය වි ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත් එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඔ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළගා වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් අද දින(11) නිවේදනය කර ඇත. එබැවින් දෙසැම්බර් 11 වන (අද) දින සිට පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවට දන්වා සිටී.

ත්‍රිකුණාමලය කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවත්. තිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළග ඊසාන සිට වයඔ දක්වා දිශාවලින් හමන සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30 – 40 පමණ වන අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේවල වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 50 -60 දක්වා ද වර්ධනය විය හැකි බවත් මෙම නිවේදනයේ තවදුරටත් පෙන්වා දී ඇත.

 

Landslide Warningපවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ, නුවරඑලිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, හාරිස්පත්තුව, මැදදුම්බර, උඩපළාත, පාතදුම්බර, උඩුදුමුබර, දෙල්තොට, දොලුව, යටිනුවර, උඩුනුවර සහ නුවර ගගවට කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක මාවැනැල්ල සහ යටියන්තොට යන නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Landslide Warningපවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගගවට කෝරළය, උඩු දුම්බර, දොලුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, අඩුනුවර, පාතදුම්බර, දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, යටවත්ත, රත්තොට, විල්ගමුව, අඹන්ගග කොරළය, ලග්ගල පල්ලේගම, පල්ලෙපොල, නාඋල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

highwindගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 26 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/26) නිවේදනය කර ඇත.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන කළාපයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක්.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.

අද දිනයේ (11/26) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍ය ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.

අද දින වන විට (11/26) නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඊයේ දින (11/25) දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බවත් ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/26) නිවේදනය කර ඇත.

මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ. එසේම අද දින වන විට (11/26) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍ය ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එසේම දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. ඊයේ දින 25 පස්වරු නිකුත් කරන ලද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයට අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ජනතාවට දැනුම් දී ඇත.

ඊට අමතරව උතුරුඋතුරුමැදමධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි .බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධානයොමු කළ යුතු අතර දිවයින මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් සහ හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052