පසුගිය වසර 30 තුළ රිය අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව යුද්ධය නිසා පුරා වසර 30 ක් තුළ මිය ගිය සංඛ්‍යාවට ඩවා වැඩි යැයි රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. හදිසි අනතුරු නිසා වාර්ෂිකව 3000 ක් පමණ පිරිසක් මිය යන බවත් ඒ ප්‍රමාණය සළකාබැලිමේ දී පසුගිය වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී ගැටුම් නිසා මිය ගිය පිරිසට වඩා වැඩි බවත් මහමග අනතුරු සහ දියේ ගිලීම් වලින් සිදු වන මිය යාමි අඩු කර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන්ම මෙම උත්සව සමයේ පිටපළාත්වලට ගොස් විනෝදවීමේ දී මේ පිළිබදව අවධානය යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. අමාත්‍යතුමා මෙම අදහස් පල කරන ලද්දේ රුපියල් මිලියන 300 ක වියදමින් හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සදහා මිලදී ගත් හදිසි ආපද ප්‍රතිචාර මෙවළම් ඒ ඒ අංශ සදහා බෙදා දීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද දින (10) සංවිධානය කර තිබු උත්සවය අමතමිනි. හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය බෝට්ටු, බෝට්ටු එංජින්, වතුර මෝටර්, ජන ඇමතුම් කට්ටල, ගංවතුරට ගොදුරුවු පුද්ගලයින් බේරාගැනීමේ කඹ, කැටමරං ඇතුලු උපකරණ බෙදා දීම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික් වල අවශ්‍යතාවය අනුව සියලු දිස්ත්‍රික්ක සදහා මෙන්ම ආපදා හදිසි මෙහෙයුම් වලදී භාවිතා කිරීමට ත්‍රිවිධ හමුදාව වෙත මෙම උපකරණ බෙදා දීම සිදු කරන ලදී.
වනාන්තර ගිණි ගැනීමක් හඳුනාගත් ඕනෑම අවස්ථාවක හැකි ඉක්මනින් වගකිය යුතු ආයතන දැනුවත් කරන ලෙස අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අඹේගුණසේකර මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදි. තවද වනාන්තර ගිණි තැබීම් සඳහා රු.ලක්ෂයේ සිට ලක්ෂ පහකට නොවැඩි දඩයකට යටත් වන බවත් හුදෙක් දඩුවමකට වඩා දැනුවත් කිරීම තුළින් වනාන්තර ආරක්ෂා කළ යුතු බවත් අතිරේක වන සංරක්ෂණ ජනරාල්තුමා පෙන්වා දෙන ලදි.
එසේම දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස වනානතර ගිණී තැබීම් හඳුනා ගෙන ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තු දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධීකරණය කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන ලදි.
උණුසුම් කාලගුණික තත්යට එලබෙන මැයි මායසේ දී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇත. මේ තත්වය පහව යන්නේ අප්‍රේල් 15 වන බැවින් අධික සුර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බවත් ඒ නිසා දිවයින අවට ඇති ජලාශවල ජලය වාෂ්පීකරණයෙන් වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බවත් පෙන්වා දෙන ලදී.
පවතින වියලි කාලගුණික තත්වය තුළ පුද්ගලයින්ට විවිධ හැකි සංකූලතා ඇතිවීම සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වු නිසා ඒ් සදහා අවශ්‍ය වන පෙරසුදානම් කටයුතු සැලසුම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන්ම පවතින නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය නිසා විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව පෙන්වා දෙන අතර නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය යන තත්වයන් දෙකේ දීම කුඩා ළමුන් වඩාත් බලපෑමට ලක්වන සෞඛ්‍ය අමාත්‍යාංයේ ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ජලය හිගකම නිසා පිරිසුදු ජලය අඩුවීමත් අපිරිසිදු ජලය පානය කිරීමට සිදුවීමත් අපේක්ෂා කළ හැකි බවත් ඒ් නිසා පාචනය වැනි රෝග තත්වයන් ද වැළදිය හැකි බව පෙන්ජවාදුන්ල ඒ්යෙ මහතා ජලය නිසා බෝවන රෝග අවම කර ගැනීම සදහා ජලය උනුකර පානය කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” වැඩසටහන යටතේ රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අද (04) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී මතින් නිදහස් රටක් බිහිකිරීම සදහා කැපවන බවට දිවුරා ප්‍රතිඥා ලබා දෙන ලදී.
මීට සමගාමීව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයයේ නිළධාරීන් සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් ද සංවිධානය කෙරිණි.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
හදිසි ඇමතුම්
117+94 112 670 002