කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විවිධ ආපදා තත්ත්වයන් මත පිඩාවට පත් වී ඇති බව පසුගිය වර්ෂයේ වාර්තා පරිශීලනය කිරිමෙන් නිරික්ෂණය වේ. එම නිසා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරිම මෙන්ම විය හැකි ආපදා තත්වයන් කළමනාකරණයේ දී වතු පාලනාධිකාරියේ කාර්යභාරය හා ආපදා අවස්ථාවල දී ජනතාව සුරක්ෂිත කිරිමේ ක්‍රමවේද පිළිබඳව වතු අධිකාරීවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගිය දා කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදී.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් ජනතාව ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
ඒ අනුව පසුගිය වර්ෂයේ දී නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා ආපදා හානි වාර්තා වු කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි නාය යෑම් හා ගංවතුර ආපදාවට ලක් වු ග්‍රාම නිළධාරි වසම්වල දැඩි අවදානම් ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාව හදිසි ආපදා තත්වයක දී පීඩාවඩපත් පිරිස් සදහා ප්‍රථමාධාර ලාබා දීමේ දී අනුගමන කළ යුතු ප්‍රථමාධාර විධි පිළිබඳ පුහුණු හා දැනුවත් කිරිම මෙම වැඩසටහන් මාලාව තුළින් සිදු කෙරිණි.
ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයෙහි මුලික සන්නිවේදන සුදුසුකම් පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (04) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය, ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ආපදාවට ලක් විය හැකි දිස්ත්‍රික්ක තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම හා ආපදා අවදානම් තත්වයෙන් ජනතාව මුදවාගැනීම අරමුණු කර ගනිමින් ආපදා පෙරසුදානම් හා සැලසුම් සකස් කිරීම, පවතින සැලසුම් යාවත්කාලීන කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරයි.
වසරක පුහුණුව අවසානයේ ගොවිජන සේවා, ප්‍රාදේශීය වාරි, වනජීවි, සුළු අපනයන භෝග ප්‍රවර්ධන ආදී ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ක්ෂේත්‍ර වල රාජකාරී ඉටු කිරීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති රාජ්‍ය සේවයේ තනතුරු සදහා බදවා ගත් බදුල්ල දිස්ත්‍රික්කයේ නවක උපාධිධාරීන් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කෙරිනි.
News & Events
- කලුතර ගංවතුර ආපදා අවදානම් කලාපවල ග්‍රාමීය කමිටු නියෝජිතයින් සඳහා බෝට්ටු හැසිරවීමේ පුහුණුව.
- මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන
- බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා හදාරණ නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
- Sustainable National Anticipatory Action through Preparedness (SNAP) South Asia - National Planning Meeting, Sri Lanka
- රට තුළ පවතින දැඩි උණුසුම සහ වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීම
හදිසි ඇමතුම්
117+94 112 670 002