ආපදා අවස්ථාවන්හිදී කඩිනම් ප්රතිචාර දැක්වීම සහ සෙවීම් හා ගලවා ගැනීමේ (Search and Rescue) මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් පරිත්යාග කරන ලද මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ ආපදා කළමනාකරණ මධ්යස්ථානය (DMC) වෙත නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 ජූලි 28 දින ආපදා කළමනාකරණ මධ්යස්ථාන පරිශ්රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවේදී The Church of Jesus Christ of Latter-day Saints හි ආසියානු කලාප සභාපති කෙලී රේ ජොන්සන් (Kelly Ray Johnson – Asia Area President, Hong Kong), මිකී ලූ විං චුන්ග් (Mr. Lu Wing Chung Mickey – Director, Temporal Affairs) සහ එම සංවිධානයේ නියෝජිතයින් විසින් මෙම උපකරණ තොගය ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
සුපිළිපන් රාජ්ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්’ ජාතික මෙහෙයුම ජූලි 27 සිට 31 දක්වා දිවයින පුරා ක්රියාත්මක කෙරේ. ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් සියලු රාජ්ය ආයතන වෙත චක්රලේඛයක් නිකුත් කර තිබෙන අතර සුපිළිපන් නීතිගරුක රාජ්ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සමාජයක්, පාරදෘශ්ය මෙහෙයුම් ජාලයක් සහ තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා යටතේ මෙම ජාතික මෙහෙයුම ක්රියාත්මක කෙරේ. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ කාර්යක්ෂම, පාරදෘශ්ය සහ දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ගොඩනැගීම සඳහා ආචාරධාර්මික වටිනාකම් සහිත රාජ්ය සේවකයන් බිහිකිරීමයි.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල දිස්ත්රික්කය සඳහා මෙම නිවේදනය වලංගු වේ. එම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින්, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට වහාම ක්රියාත්මක වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. පසුගිය පැය 24 තුළ ගම්පහ දිස්ත්රික්කයේ කිරිඳිවැල මිලිමීටර් 244, වේයන්ගොඩ මිලිමීටර් 238, කොළඹ දිස්ත්රික්කයේ අවිස්සාවේල්ල මිලිමීටර් 230, කෑගල්ල දිස්ත්රික්කයේ පඹේගම වතුයාය මිලිමීටර් 181 සහ රත්නපුර දිස්ත්රික්කයේ නිරිඇල්ල මිලිමීටර් 171 යන ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් වාර්තාවී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්රෝණියේ ධාරා ප්රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් සහ ඒ හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අවධාරණය කර ඇත. එසේම කළු ගඟ ද්රෝණියට මේ වන විටත වර්ෂාධික තත්ත්වයක් පවතින බවත් ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව රත්නපුර දිස්ත්රික්කයේ කලුගංගා ද්රෝණියේ පිහිටි රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්රදේශවල පහත් බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව නිවේදනය කර ඇත.
එසේම කැලණි ගංගා ද්රෝණියෙහි රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිය, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්රදේශවල පහත් බිම් ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව ද වාරිමාර්ග දෙපාරත්මේන්තුව නිවේදනය කර ඇත.
එසේව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වර්ෂාධික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්රික්කයේ දැරනියගල රුවන්වැල්ල සහ දෙහිඕවිට රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නිවාස වලින් ඉවත් වන ලෙස නිවේදනය කර ඇත.
ශ්රී ලංකා ආපදා කළමනාකරණ පනත අංක 13 දරන 2005 හි 10 වන වගන්තියට අනුව, සියලු අමාත්යාංශ සහ ඒවා යටතේ ක්රියාත්මක වන රාජ්ය ආයතන විසින් ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (Institutional Disaster Management Plans - IDMPs) සකස් කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා අවශ්ය ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව, එම ක්රියාවලිය කඩිනමින් හා විධිමත්ව ක්රියාත්මක කිරීම පිළිබඳ සියලු රේඛීය අමාත්යාංශ දැනුවත් කිරීමේ සහ සම්බන්ධීකරණ රැස්වීමක් 2026 ජූලි 23 දින ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
නිරිත දිග මෝසම සක්රීයවියසක්රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් කළමනාකරණය කර ගනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ආයතන වල සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතනවල පුර්වසූදානම ශක්තිමක් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම අද දින (05/02) ආපදා කළමනාකරණ අංශ ශ්රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්ය සම්බන්ධීකරණ යාන්ත්රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පුරෝකථනය අනුව මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්රීය විය හැකි අතර මේ දින වල පවතින වැසි තත්ත්වය අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් වර්ධනය වු තත්ත්වයක් බවත් වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කීපය තුළ පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී. එසේ වුවද නිරිතදිග මෝසම් තත්ත්වය තුළ දිවයිනේ බොහෝප්රෙද්ශවලය සාමන්ය අගයට ආසන්න හෝ සාමන්ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රකාශ කරන ලදී.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
හදිසි ඇමතුම්
117+94 112 670 002




