පවතින වායුගෝලීය අයහපත් තත්වය ක්‍රමිකව අඩුවී ඇත.

 DSC0794 NBRO පසුගිය දින කීපය තුල දී සාමාන්‍ය වායුගෝලයේ පවතින කුඩාම අංශු ප්‍රමාණය සැලිය යුතු මට්ටමකින් වැඩිවී තිබු බවත් එය ක්‍රමිකව අඩුවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (07) දින පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සම්බන්ධවෙමින් ඒ බව පෙන්වා දෙන ලදී.

රට තුළ ස්ථානීය වශයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව වායු තත්ව දර්ශකය ඉහළ 150 ක තරම් ඉහළ අගයක් පෙන්නුම් කර ඇත. එය මිනිස් සිරුරට අහිතකර විය හැක. මිනිස් සිරුරට හිතකර මට්ටමට දක්වා එනම් වායු තත්ව දර්ශකය අඩු මට්ටමකට පැමිණෙමින් පවතින බවත් දර්ශක අගය මේවන විට (07) 50-100 ත් අතර මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු තත්ව දර්ශකය 50 වඩා අඩු මට්ටමක පවතීනම් එය ජීවත්වීමට යෝග්‍ය වායු ගෝලීය තත්වයක් බවත් 50 – 100 ත් අතර අගයක් ගනීනම් එය තරමක් සාමාන්‍ය මට්ටම ලෙසත් දර්ශක අගය 100 වඩා වැඩිනම් ස්වසන ආබාධ ඇති අයට අපහසු වන බවත් දර්ශක අගය 150 ට වැඩි නම් සාමාන්‍ය අයට ද යම් සංකූලතා ඇති විය හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඉහළ වායුගෝලිය සුළං හේතුවෙන් අප පැමිණෙ සුළං ධාරාවල පවතින අංශුමය ද්‍රව්‍ය සහ අපගේ පරිසරයේ පවතින අංශුමය ද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. නමුත් ඒ සදහා බල පෑ කාරණය නිශ්චිතවම පැවසිය නොහැකි බවත් තවදුරතට ඒ පිළිබදව නිරන්තරයෙන් පරීක්ෂණ පවත් වන බවත් පෙන්වා දෙන ලදී.

 

 

අවදානම් නිවේදන අනුව කටයුතු කරන්න

dr Asiri  pressපැවති අධික වර්ෂාව හේතුවෙන් කදු බැවුම් අස්ථාවර වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වල්ලාවිට, මතුගම, අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොධ්ධාශසවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව එම ප්‍රෙද්ශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් විය යුතු බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය .

ඉදිරි දින දෙක තුළ වැසි තත්වය බලාපොරොත්තුවිය හැක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Met  Press 23092019

අද (2019.09.23) උදෑසන 8.30 සිට මේ වන තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 100 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වන සිරකඳුර,වඳුරඹ සහ හෑගොඩ යන ප්‍රදේශ වලට මි.මී 150 වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇති අතර බදාදා වනතෙක් මෙම වැසි තත්වය බලාපොරොත්තුවිය හැකි වන බවත් අද රාත්‍රියේ සහ හෙට දින වර්ෂාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.

 

ඉදිරි දින දෙක තුළ වැසි තත්වය අඩුවීමක් බලාපොරොත්තුවිය හැක

met Anusha  press
ඊයේ දින තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 150 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වලට මි.මී 150 ත් 200 ක් පමණ වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇත. බස්නාහිර හා දකුණු පලාත්වල පවතින තද වැසි අද රාත්‍රියෙන් පසුව ක්‍රමයෙන් අඩුවන ලකුණු ඇති අතර තාවකාලික අඩුවුවද ඉදිරියේ දී අන්තර් මෝසම් කාලගුණය නිසාවෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.

 

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්

Bad Weather 2019

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා

දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත

දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079